SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාව පරදා බංග්ලාදේශයට ලකුණු 90 ක දැවැන්ත ජයක්.

Tamim, Shakib demolish Sri Lanka and hit the 1st win by 90 runs.
Source: espncricinfo

1 min read

Published

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ (25/03) ආරම්භ වූ ප්‍රථම එක් දින තරගයෙන් ලකුණු 90 ක දැවැන්ත ජයක් හිමි කරගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක උපුල් තරංග ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට බංග්ලාදේශ කණ්ඩායමට ආරාධනා කළේය.

ඒ අනුව බංග්ලාදේශය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 324 ක් ලබා ගැනීමට සමත් විය.

එහිදී තමීම් ඉක්බාල් අගනා ලකුණු 127 ක්ද ෂකීබ් අල් හසන් ලකුණු 72ක් ද සබීර් රහමන් ලකුණු 54ක් ද ලබා ගත්තෝය.

පිළිතුරු ඉනිම ඇරඹු ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 45යි එක් පන්දුවක් තුළදී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 234 ක් පමණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් ලකුණු 59 ක් ලබා ගත් අතර තිසර පෙරේරා අවසානයේදී පන්දු 35 කදී ලකුණු 55ක් ලබා ගත්තේය.

තරගයේ වීරයා සම්මානය බංග්ලාදේශයේ තමීම් ඉක්බාල් හට හිමි විය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now