SKIP TO MAIN CONTENT

නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියානු ප්‍රාන්ත වලට හැර සෙසු ප්‍රාන්ත වලට ටස්මේනියා ප්‍රාන්ත සීමා අද (26/10) සිට යළි විවෘතයි

Tasmania borders reopen today for all states except New South Wales and Victoria
Tasmania borders reopen today for all states except New South Wales and Victoria Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියානු ප්‍රාන්ත වාසීන්ට හැරුණුකොට නිරෝධායනය වීමකින් තොරව අද පටන් ටස්මේනියා ප්‍රාන්තයට ඇතුළුවීමට ඔස්ට්‍රේලියාවේ සෙසු ප්‍රාන්ත වාසීන්ට අවසර ලැබේ.

එමෙන්ම නවසීලන්තයේ සිට පැමිණෙන පිරිස් හටද නිරෝධායනය වීමකින් තොරව ටස්මේනියා ප්‍රාන්තයට ඇතුළුවීමට අවස්ථාව සලසා දී ඇත.

කොරෝනා පරීක්ෂාවන්ට අදාළ සියලුම දෑ සහ දැඩි කොරෝනා ආරක්ෂණ නීති ටස්මේනියානු ගුවන් හා නැව් තොටුපොළ වල ක්‍රියාත්මක කර ඇති බවත් ප්‍රාන්තයට පැමිණෙන සියලුම සංචාරකයින් ගේ ශරීර උෂ්ණත්වය සහ සෞඛ්‍ය තත්ත්වය පිරික්සා බලන බවත් ටස්මේනියා ප්‍රාන්තයේ සෞඛ්‍ය ඇමතිනී Sarah Courtney පැවසුවාය.

කොරෝනා රෝග ලක්ෂණ ඇති කවරෙකු වුවද කොරෝනා පරීක්ෂාවට භාජනය කරන බවත් නිරෝධායනය වීමට නියෝග කරන බවත් ඇය පැහැදිලි කළාය.

මේ අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වාසීන්ට තම ප්‍රාන්ත සීමා විවෘත කිරීම බොහෝ දුරට නොවැම්බර් 02 වන දින සිට සිදු කිරීමට හැකිවෙතැයි ටස්මේනියා ප්‍රාන්ත රජය පවසයි. 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now