බදු ගෙවීම පැහැර හැරීම නිසා ඕස්ට්‍රේලියානු රජයට ඩොලර් බිලියන 8කට අධික පාඩුවක්

ඕස්ට්‍රේලියානු බදු කාර්යාලය පවසන අන්දමට මේ ආකාරයෙන් රජයට හිමි විය යුතු බදු අදායම සහ ලැබී ඇති බදු අදායම අතර පරතරයක් (tax gap) පවතින්නේ පුද්ගලික වියදම් වැරදි ලෙස tax return එකට ඇතුලත් කිරීම, අත් පිට මුදල් ලෙස ලැබෙන අදායම් (Cash income) හෙළි නොකිරීම ආදී කාරණා නිසා රජයට මෙම බදු ආදයම අහිමි වී ඇති බව සදහන්.

How to lodge your tax return in a correct way?

Source: SBS

මේ වසරේ Tax return එක සකස් කිරීමේදී ඉතා සැලකිල්ලෙන් යුතුව අදාල ක්‍රියා පටිපාටිය සිදු කරන ලෙස ඕස්ට්‍රේලියානු බදු කාර්යාලය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. විවිධ කාරණා හේතුවෙන් බදු නිසි අයුරින් නොගෙවීම රජයට ඩොලර් බිලියන 8.7ක පාඩුවක් සිදු වී ඇති බවට ගණන් බලා ඇති අතර, මෙම කරුණු අනාවරණයෙන් පසුව මේ පිලිබදව දැඩි අවධානයක් යොමු කිරීමට බදු කාර්යාලය තීරණය කර තිබේ.

2014 -15 මුල්‍ය වර්ෂය තුල ෆෙඩරල් රජයට මෙම පාඩුව සිදු වී ඇති බව සදහන්.

Tax return එක Lodge කිරීමේදී සැලකිලිමත් වන්න

Tax return
Tax return Source: Getty images

ඕස්ට්‍රේලියානු බදු කාර්යාලය පවසන අන්දමට මේ ආකාරයෙන් රජයට හිමි විය යුතු බදු අදායම සහ ලැබී ඇති බදු අදායම අතර පරතරයක් (tax gap) පවතින්නේ පුද්ගලික වියදම් වැරදි ලෙස tax return එකට ඇතුලත් කිරීම, අත් පිට මුදල් ලෙස ලැබෙන අදායම් (Cash income) හෙළි නොකිරීම ආදී කාරණා නිසා රජයට මෙම බදු ආදයම අහිමි වී ඇති බව සදහන්.

ඕස්ට්‍රේලියානු බදු කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස්  Alison Lendon  පවසන ආකාරයට විමර්ශනයට ලක් කල සෑම tax return 10කින් 7කම අවම වශයෙන් එක් වැරද්දක් හෝ තිබු බව සදහන්. තවද ජනතාව tax return එක  යොමු කිරීමේදී ඉතා සුළු වැරදි සිදු කරන බවත්, සැලකිලිමත්ව අදාල ක්‍රියා පටිපාටිය සිදු කිරීමෙන් එවැනි වැරදි අවම කර ගත හැකි බවත් Alison Lendon පවසනවා. මෙහිදී යමෙකු tax return එක හරහා අය කරගැනීමට උත්සාහ කරන මුදල සුළු වුවත්, විශාල පිරිසක් එම වරද සිදු කිරීමේදී රජයට සිදුවන පාඩුව විශාල බව ඇය පෙන්වා දෙනවා.

විවිධ ආයතන නිසි ලෙස බදු නොගෙවීම හේතුවෙන් සිදුව ඇති පාඩුව ඩොලර් බිලියන 2.5ක් බව සදහන්.

මෙම බදු අදායම නිසි ලෙස නොලැබීමෙන් සිදු වන පාඩුව අවම කරගැනීමට Tax return ක්‍රියාවලියේ සිදු කර ඇති වැරදි හසු කරගැනීමට බදු කාර්යාලය මේ වසරේ සිට නව තාක්ෂණය යොදාගැනීමට තීරණය කර ඇති බවද වැඩි දුරටත් වාර්තා වෙයි.


2 min read

Published

Updated

By Sanjaya Dissanayake

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now