SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියානු දුරකථන සමාගම් පාරිභෝගික පැමිණිලි වලට දුර්වල ලෙස ප්‍රතිචාර දක්වන බවට වාර්තාවක් හෙළි කරයි ..

telco
Source: pexels

1 min read

Published

By Charitha Adikari



Skip to article content

පාරිභෝගිකයින්ගේ පැමිණිලි සදහා විසදුම් ලබාදීමේදී ඕස්ට්‍රේලියානු සන්නිවේදන සමාගම් ඉතා දුර්වල ප්‍රතිචාරයක් දක්වා ඇති බව,  සමීක්ෂණ වාර්තාවක් පෙන්වා දී තිබේ.

 

යම් පැමිණිල්ලක් සිදුකල පර්භෝගිකයෙක් හට  දල වශයෙන් අදාල ගැටලුව විසදා ගැනීමට දින 13ක් වැනි දීර්ඝ කාලයක් බල සිටීමට සිදුව ඇති බව මෙම වාර්තාව පෙන්වා දෙන වැදගත් කරුණක්.

 

තවද Australian Communications Consumer Action Network නම් ජාලය තුල සිටන පාරිභෝගිකයින් 1300ක් හට දෙවතාවකට අධික සංඛ්‍යාවක් තමන් සතු ගැටළු විසදා ගැනීමට අදාල සන්නිවේදන සමාගම ඇමතීමට සිදුව ඇති බවද මෙම වාර්තාව පෙන්වා දී තිබේ.

 

පාරිභෝගිකයින් මේ ආකාරයෙන් අපහසුතාවයට පත්වීම වලක්වා ලීම සදහා දුරකථන සහ සන්නිවේධන සමාගම් සමග කටයුතු කර යම් පියවරක් ගන්නා ලෙස මෙම පාරිභෝගික සංවිධානය ඕස්ට්‍රේලියානු සන්නිවේධන සහ මාධ්‍ය අධිකාරියෙන් ඉල්ලීමක් කර තිබේ.

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now