SKIP TO MAIN CONTENT

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කලාප කිහිපයකම උෂ්ණත්වය හෙට දිනයේ 40 පනින බවට රතු එළි

 Temperatures on Tuesday are expected to reach over 40 degrees in some parts of the New South Wales
Source: Getty Images

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කලාප කිහිපයකම උෂ්ණත්වය හෙට දිනයේ (10/12)  අධික ලෙස ඉහළ යන බව වාර්තා වේ.

හෙට දිනයේදී අදාළ කලාප වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා යන බවත් මේ වන විටත් එම කලාප වල ලැව් ගිනි 91ක් ඇවිලෙමින් පවතින බවත් සඳහන්.

මෙම අධික උෂ්ණත්ව සහ ඉහළ ලැව් ගිනි අවදානම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ greater Hunter, Illawarra, Monaro alpine, southern ranges, central ranges, northern slopes සහ උතුරු මැද  කලාප වල ට ඇති බව බලධාරීහු පවසති.

මේ අතර ලැව් ගිනි නිසා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වාසය කරන කෝලා සත්ත්වයින්ට වන හානිය පිළිබඳ සාකච්ඡා කිරීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ සෙනට් සභාව හදිසියේ රැස්වීමට සූදානම් වේ.

එමෙන්ම මෙම ලැව් ගිනි හේතුවෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වගාවන් රැසක් විනාශ වී ගොස් ඇති අතර සාගර ජීවීන්ටද අහිතකර බලපෑම් ඇතිවී තිබේ.

මේ අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ලැව් ගිනි මැඩපැවැත්වීමට එම ප්‍රාන්තයේ ගිනි නිවන සේවා දරන උත්සාහයට අගමැති Scott Morison සිය ප්‍රශංසාව පළ කර තිබේ.

ඊයේ දිනයේදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Hawkesbury ගිනි නිවන මෙහෙයුම් මධ්‍යස්ථානයට ගිය අගමැති මොරිසන් සියලුම ප්‍රාන්ත ගිනි නිවන සේවකයින් අමතා ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ස්තුතිය පළ කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now