කොරෝනා නිසා ඕස්ට්‍රේලියානු දේශ සීමා වසා දැමීම හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් පැමිණීමට නොහැකිව සිටින තාවකාලික වීසා ලාභීන් SBS සිංහල සේවයට පැවසු දෑ : SBS සිංහල විමර්ශන

airport

Source: Getty

කොරෝනා වයිරසය හේතුවෙන් ඕස්ට්‍රේලියානු දේශ සීමා ඕස්ට්‍රේලියානු  පුරවැසියන්ට හා ස්ථිර පදිංචි කරුවන්ට හැරුණු කොට අනෙක් තාවකාලික වීසා ලබීන්ට වසා දමා දැන් මාස 6කට වැඩි කාලයක් ගත වී තිබේ. Australian Border Force පවසන්නේ මේ වසරේ මාර්තු සිට ජුලි  මස දක්වා කාලය තුල එවන් තාවකාලික වීසා ලබීන්ට ඔස්ට්‍රේලියාවට පැමිණීමට ඉල්ලීම් 87, 600කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති බවයි.

මෙසේ නිවාඩුවට හෝ වෙනත් කරුණු වලට ශ්‍රී ලංකාවට ගොස් නැවත ඔස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකිව සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක්ද සිටී. ඒ අතර ඕස්ට්‍රේලියාවේ රැකියාවට ඒමට නොහැකිව සිටින එසේම සිය ඕස්ට්‍රේලියානු කුලී නිවසට තවමත් කුලී ගෙවමින් විවිධ අපහසුතා වලට මුහුණ දෙමින් තම ඕස්ට්‍රේලියාවේ සිටින පවුල නොදැක  ශ්‍රී ලංකාවේ සිටින පිරිසක්ද සිටිනවා.

SBS සිංහල සේවය ඔවුන් කිහිප දෙනෙකුගෙන් අදහස් විමසුවා.


 නම හෙළි කිරීමට අකමතිවුණු වික්ටෝරියා ප්‍රාන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයාගේ කතාව


අප සමග සම්බන්ධ වූ සිය නම හෙළි කිරීමට අකමැති වූ ඔහුට අපි නුවන් කියා අමතමු . නුවන් 489 විසා කාණ්ඩය යටතේ මාස 5ක් පමණ කෘෂිකර්ම උපදේශක ක්ෂේස්තරයේ රැකියාවක් කලේ වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය පෙදෙසක. ඔහු casual සේවකයෙකු ලෙස කෘෂිකාර්මික ආයතනයක සේවකයෙකු ලෙස ක්‍රියා කරමින් සිට මාස 5කින් පසු කෙටි නිවාඩුවකට ශ්‍රී ලංකාව බලා ගියේ මේ වසර මුල පෙබරවාරි මාසයේ.

නමුත් ඔහුත් බිරිදත් නැවත පැමිණීමට දිනකට පෙර මාර්තු මස ඕස්ටේලියාව දේශ සීමා වසා දැමුවා. ඉන් පසු නුවන් එම ආරංචිය ලැබුණු පසු ඔහු බටහිර ඔස්ට්‍රේලියාව ඔස්සේ හෝ එවෙලේම ගුවන් ටිකට් පතක් ලබා ගැනීමට උත්සහ කලද එය සාර්ථක වුයේ නැහැ . නුවන් තවමත් ශ්‍රී ලංකාවේ සිටින අතර  16 වතාවක් පමණ travel exemption අනුමැතියක් ලබා ගැනීමට ඉල්ලුම් පත් යොමු කලද එය සාර්ථක වී නැහැ .

" දැනට මගේ ඕස්ට්‍රේලියානු රැකියා ස්ථානය ඔවුන්ගේ වැටුප් ලේඛනයේ වැටුප් නොගෙවා මාව තබා ගෙන සිටිනවා , අපි පළවැනි මාස 4 පමණ අපගේ වික්ටෝරියා ප්‍රාන්ත කුලී නිවස සදහා කුලී ගෙව්වත් එය දිගටම කරගෙන යාම අපහසු වීම නිසා අපගේ ගෘහ භාණ්ඩ සියල්ල මගේ සොයුරා ලවා ගබඩාවක් වෙත යොමු කොට නිවස භාර දුන්නා . දැන් මම තාවකාලිකව හෝ ශ්‍රී ලංකාවේ රැකියාවක් පිළිබද සලකා බැලුවත් අපි නැවත එන්න බලාපොරොත්තුවක් තිබෙන නිසා එයත් එතරම් තේරුමක් නොමැති බවයි සිතන්නේ , ඔස්ට්‍රේලියාව දැන් ජාත්‍යන්තර සිසුන් නැවත ගෙන්වීමේ විවිධ ප්‍රකාශ සිදු කොට ඇති නිසා රජය බදු ගෙවූ අප වැනි රැකියා කරන තාවකාලික වීසා ලාබීන්ටත් අවස්තාවක් දෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා " Image

සිඩ්නි නුවර වෙසෙන සමිත ගේ කතාව


මීලගට අපි SBS සිංහල සේවයෙන් කතා බහ කලේ සිඩ්නි නුවර 482 වීසා කාණ්ඩය යටතේ සේවා ස්ථානය විසින් අනුග්‍රහය දක්වා තාවකාලික වීසා ලබා සිටි සමිත සමග. සමිත මාර්තු මස මුලදී කෙටි නිවාඩුවකට ශ්‍රී ලංකාවට ගොස් සිටියේ ඔහුගේ බිරිදත්  සමගින්. නමුත් නොසිතු පරිදි ඕස්ට්‍රේලියානු දේශ සීමා වසා දැමීම නිසා ඔවුන් තවමත් ශ්‍රී ලංකාවේ සිටිනවා.

සමිත රැකියාව කරන්නේ තොරතුරු තාකෂන අංශයේ. ඔහු තවමත් ඔහුගේ සිඩ්නි නුවර රැකියාව online මාධයෙන් ශ්‍රී ලංකාව තුල සිදු කරනවා.

ඔහුගේ රැකියා ස්ථානයත් ඔහුගේ සේවාව අත්‍යවශ්‍ය බවට පවසා travel exemption අනුමැතිය ලබා ගැනීමට උපකාර කලද එයින් තවමත් පලක් වී නැහැ . මේ වන විට  එම ඉල්ලීම දස වතාවක් පමණ සිදු කොට තිබේ. සමිත තවමත් සිටින්නේ එම අනුමැතිය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන්.

" මම තවමත් අපගේ සිඩ්නි නුවර කුලී නිවසට කුලී ගෙවමින් සිටින්නේ නැවත පැමිණි පසු අපිට ජීවත් වීමට නිවසක් අවශ්‍ය නිසා. මගේ රැකියා ස්තානයට මගේ සේවය අවශ්‍යයි. දැනට මමත් බිරිදත් සමාජ මාධ්‍ය වල මෙසේ ඕස්ට්‍රේලියානු තාවකාලික වීසා ලබා පැමිණීමට නොහැකිව සිටින පුද්ගලයන් ආරම්භ කොට ඇති group හා forum සමග සම්බන්ධ වෙමින් සෑම විටම තොරතුරු හුවමාරු කරගනිමින් සිටින්නේ නැවත පැමිණීමට සෑම උත්සාහයක්ම දැරීමට "
news
Source: Getty

අසීරුතා මධ්‍යයේ කෙසේ හෝ ඔස්ට්‍රේලියාවට නැවත පැමිණි තස්මේනියා ප්‍රාන්තයේ විනෝද් ගේ කතාව


මෙසේ බොහෝ තාවකාලික වීසා ලාභී ශ්‍රී ලාංකිකයන් ඔස්ට්‍රේලියාවට පැමිණීමට විශේෂ අනුමැතිය සදහා ඉල්ලුම් කරන අතරේ ටස්මෙනියාවේ රැකියා වීසා ලාභී විනොද් සෙනෙවිරත්නට මාස 6කට පසුව එසේ Travel Exemption යටතේ සැප්තැම්බර් මස මුලදී ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවස්තාව ලැබුනා. SBS සිංහල සේවයට විනෝද් මෙසේ ඔහුගේ කතාව පැවසුවා .

Vinodh Senevirathne
Vinodh Senevirathne Source: Supplied
"මම පවුලේ හදිසි අවශ්‍යතාවක් නිසා මාර්තු 15 වැනිදා ශ්‍රී ලංකාවට ගියේ නැවත සති 2කින් පමණ එන අදහසින්. මගේ බිරිද හා දරුවා ටස්මෙනියාවේ නතර කොට මම ශ්‍රී ලංකාව බලා ගියේ. නමුත් මට නොසිතු පරිදි ඕස්ට්‍රේලියානු දේශ සීමා වැසු පසු මාස 6ක් පමණ ශ්‍රී ලංකාවේ සිටීමට සිදු වුවා. ඒ නිසා මගේ බිරිදට දරුවාත් සමග ඇගේ රැකියාවත් කරමින් තනිවම සිටීමට සිදු වුනා. එය අපේ පවුලට අසීරු කාල පරිච්චේද්යක් වුවා. මම අට වතාවක් පමණ travel exemption සදහා ඉල්ලුම් කළා. මගේ ටස්මෙනියානු රැකියා ස්ථානයත් මට උපකාර කළා , ඔවුන් මට ඒ සදහා ලිපියක් පවා ලබා දුන්නා. මට වැටුප් රහිත නිවාඩු ලබා දුන්නා."

විනෝද් පවසන්නේ ඔහුගේ  බිරිද හා දරුවා ටස්මෙනියාවේ තනිවම ජීවත් වීමත් ඔහුගේ රැකියා ස්ථානයේ ඉල්ලීමත් සලකා බලා කල ඉල්ලීම්  අවසානයේ සාර්ථක වූ බවයි.

ඒ අනුව ඔහුට සැප්තැම්බර් මස සිඩ්නි නුවර හරහා නැවත ටස්මෙනියාවට පැමිණ ඔහුගේ පවුල හා එක් වීමට ලැබුනා. දැන් ඔහු නැවත වරක් ඔහුගේ  රැකියාවද ආරම්භ කර ඔහුගේ සුපුරුදු ජීවිතය ගත කරනවා.

airport
Source: AAP

මේ අතර තාවකාලික වීසා ලබා ඔස්ට්‍රේලියාවේ තම නව ජීවිතය ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටි මේ වසරේ තාවකාලික වීසා  ලැබූ  ශ්‍රී ලාකිකයන්ද නැවත දේශ සීමා විවෘත වන තුරු බලා සිටිනවා.

** ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට www.facebook.com/sbssinhala


නම හෙළි කිරීමට අකමතිවුණු ඇඩිලේඩ් බලා පැමිණීමට බලාපොරොත්තුවෙන් තවමත් ශ්‍රී ලංකාවේ සිටින අයෙක් ගේ කතාව


එසේ මාර්තු මස ඇඩිලේඩ් නුවරට 489 වීසා කාණ්ඩය යටතේ පැමිණීමට සුදානම්ව සිටි අයෙක් SBS සිංහල සේවය වෙත අදහස් ප්‍රකාශ කළා. ඔහුගේ  නම හෙළි කිරීමට අකමැති නිසා අපි ඔහු අනුර ලෙසින් හඳුන්වමු.

අනුර ශ්‍රී ලංකාවේ රැකියාවෙන්ද ඉවත් වීමට සුදානම්ව සිටි අතර , ඕස්ට්‍රේලියාවේ නව ජීවිතය ආරම්භ කිරීමට මුදල් ඉතුරු කොට සුදානම් කර ගෙන සිටියා. නමුත් දේශ සීමා වසා දැමීම නිසා ඔහුට ඇඩිලේඩ් වෙත එන්නට හැකියාවක් නොලැබුණු අතර දැන් ඔහු පවසන්නේ නොසිතු පරිදි නැවත ශ්‍රී ලංකාවේ ජීවත් වීමට ඔහුට කටයුතු කිරීමට සිදු වූ බව.

අනුර ද කිහිප වතාවක් ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් විමසා සිටියේ ඔහුට ඔස්ට්‍රේලියාවට ඇතුල් වීමට ලබා දුන් අවසන් දිනය වසර 2021 පෙබරවාරි මස ඇති හෙයින් , එය සම්පුර්ණ කිරීමට නොහැකි වුව හොත් ඔහුට අත්වන ඉරණම පිලිබදවයි.

" මම දෙපාර්තමේන්තුවෙන් ඇසුවේ ලබන වසරේ පෙබරවාරි මස පැමිණීමට නොහැකි වුව හොත් කුමක් කල හැකිද යනුවෙන් . දැන් ඔවුන් මට email පණිවිඩයක් ඒවා තිබෙනවා මගේ වීසා එකේ සදහන් last entry date හෙවත් වීසා එක අවසන් වන වසර 2024 තෙක් රටට ඇතුල් වීමට මට කාලය ලබා දෙන බව. මම ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවශ්‍ය මුදල් ආදිය සුදානම් කරගෙන සිටියේ. නමුත් දැන් එය ශ්‍රී ලංකාවේ ජීවත් වීමට මට වියදම් කිරීමට සිදුවෙලා. දැනට ඉදිරිය අවිනිශ්චිත බව මට වටහා ගත හැකියි, නමුත් තාවකාලික වීසා ලාබීන්ට ඕස්ට්‍රේලියානු රජය විසින් නැවත රටට ඇතුල් වීමට යම් හෝ කාල සීමාවක් පිළිබද පුර්ව දැනුම් දීමක් ඇත්නම් අපිට අපේ ජීවිත සැලසුම් කර ගත හැකියි”

මෙසේ ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණීමට උත්සහ කරන ඔබට  වංචනිකයන්ට හසු නොවීමට ශ්‍රී ලංකා විදේශ අමාත්යංශය පහත නිවේදනය නිකුත් කොට තිබේ.


dept of foreign affairs
Source: Supplied
s
Source: SBS

****************************************************************************

සවන්දෙන්න SBS  සිංහල සේවයට ,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට

  • ගුවන් විදුලියෙන් (ප්‍රාන්ත තරංග මාලා)  93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD /

96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

  • නැතිනම්  රූපවාහිනියේ channel 38
  • අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
  • SBS සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download කරගන්න

****************************************************************************


4 min read

Published

Updated

By Charitha Adikari, Dinesha Dilrukshi Wijesuriya



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now