SKIP TO MAIN CONTENT

සංචාරක තහනමට හසුව සිටින තාවකාලික වීසා ලාභිනට ඔස්ට්‍රේලියාවට නැවත පැමිණීමට ඉඩ ලබා දෙන නිර්ණායක හෙළිකරන ලෙසට ඉල්ලීම්

Australia aumentará su límite de pasajeros que llegan del exterior el próximo mes
Australia aumentará su límite de pasajeros que llegan del exterior el próximo mes Source: Getty Images

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

COVID-19 හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ දැනට පනවා ඇති සංචාරක තහනමට හසුව, මෙරටට නැවත පැමිණීමට නොහැකිව සිටින තාවකාලික වීසා ලාභිනට, විශේෂ අවසර මත නැවත මෙරට පැමිණීමට ඉඩ ලබාදීම සඳහා භාවිතා කරන නිර්ණායකයන් හෙළි කරන ලෙස, විදේශයන්හි සිරවී සිටින තාවකාලික වීසා බලපත්‍රලාභීන් මොරිසන් රජයෙන් ඉල්ලා සිටී.

තාවකාලික වීසා බලපත්‍රලාභීන්ට, නැවත, මෙරට රැකියා, නිවාස සහ පවුල් සඳහා ආපසු පැමිණීමට අවසර දෙන ලෙස රජයට බලපෑම් කිරීමේ ව්‍යාපාරයකට, මේ වන විට දහස් ගණනක තාවකාලික රැකියා විසාලාභින් පිරිසක් එක්වී ඇතැයි වාර්තා වේ.

පෙබරවාරි මාසයේ සිට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට, මෙරටට නැවත පැමිණීමට ඕස්ට්‍රේලියානු ස්ථිර පදිංචිකරුවන් හෝ පුරවැසියන් නොවන අයගෙන් අයදුම්පත් 1300 කට වඩා ලැබී තිබේ. ඉන් සියයට 20 ක් ප්‍රතික්ෂේප කර ඇති බවද සඳහන්.

ග්‍රීන්ස් පක්ෂ සෙනෙට් සභික නික් මැකිම් පවසන්නේ මෙම ප්‍රතික්ෂේප කිරීම් සඳහා භාවිතා කරන නිර්ණායක මොනවාදැයි කිසිවෙකු නොදන්නා බවයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now