SKIP TO MAIN CONTENT

කොරෝනා නිසා ඔස්ට්‍රේලියාව පනවා ඇති සංචාරක තහනම ඉවත් කිරීමට අදාළ නිර්ණායක හෙළි කරන ලෙස විදෙස් රටවල සිටින තාවකාලික වීසා බලපත්‍ර ලාභීන්ගෙන් ඉල්ලීමක්

A Qantas (R) and a Virgin (L) plane sit
A Qantas (R) and a Virgin (L) plane at the international airport in Sydney Source: Getty Images

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

COVID-19 හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ දැනට පනවා ඇති සංචාරක තහනම ඉවත් කිරීම සඳහා භාවිතා කරන නිර්ණායකයන් හෙළි කරන ලෙස විදේශයන්හි සිරවී සිටින ඔස්ට්‍රේලියානු තාවකාලික වීසා බලපත්‍ර ලාභීන් මොරිසන් රජයෙන් ඉල්ලා සිටී.

රැකියා, නිවාස සහ තම පවුල් වෙත පැමිණීම සඳහා නැවත ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර දෙන ලෙස රජයට බලපෑම් කිරීමේ ව්‍යාපාරයකට දහස් ගණනක් වන ඕස්ට්‍රේලියානු තාවකාලික වීසා ලාභීන් එක්වී ඇති බවට වාර්තා වේ.

පෙබරවාරි මාසයේ සිට, මෙහි පැමිණීම සඳහා ඔස්ට්‍රේලියානු පුරවැසියන් නොවන අයගෙන් අයදුම්පත් 1300 කට වඩා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට ලැබී තිබේ.

ඉන් සියයට 20 ක් ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ සඳහා භාවිතා කරන නිර්ණායක මොනවාදැයි කිසිවෙකු නොදන්නා බව Greens පක්ෂ සෙනෙට් සභික Nick McKim පවසා සිටී .

කෙසේ වෙතත් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව අනුගමනය කල මෙම ක්‍රියාමාර්ග තුලින් කොරෝනා වසංගතය අතරතුර ඕස්ට්‍රේලියාව ආරක්ෂිතව තබා ඇති බව රජය පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now