SKIP TO MAIN CONTENT

ප්‍රහසන රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා අභාවප්‍රාප්ත වෙයි

Tennyson Cooray_ Sri Lankan comedy actor_ passed away
Tennyson Cooray_ Sri Lankan comedy actor_ passed away

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ප්‍රහසන රංගනයෙන් ප්‍රේක්ෂක හදවත් දිනා සිටි රංගන ශිල්පී ටෙනිසන් කුරේ අද දින ( 28 Sep) අභාවප්‍රාප්ත වී ඇති බවට වාර්තා වේ. හදිසි අසනීප තත්තත්වයක් හේතුවෙන් පසුගිය සතියේ දී ඔහු රෝහල් ගතකර සිටි බව ද සඳහන්.

ඔහු 1952 වසරේ අප්‍රේල් මස 30 වනදා උපත ලබා ඇති අතර මිය යන විට 68 වන වියේ පසුවිය.

වේදිකාවේ, රූපවාහිනී තිරයේ සහ සිංහල සිනමාවේ ප්‍රකට හාස්‍ය රංගන ශිල්පියෙක් ලෙසට දශක ගණනාවක් රසික ජනතාවගේ හදවත් පැහැරගත් කලාකරුවෙකු වන රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා මිය යන විට චිත්‍රපට 80 කට අධික සංක්‍යාවක රඟපා තිබින. රංගනයට අමතරව වරෙක ඔහු ලාංකීය සිනමා ක්ෂේස්ත්‍රයට තිර පිටපත් රචකයෙකු සහ චිත්‍රපට අධ්‍යක්ෂ වරයෙකු ලෙසද සම්බන්දව සිටියේය.

ටෙනිසන් කුරේ මහතාගේ අවමගුල් උත්සවය පිළිබඳව වැඩිදුර විස්තර පසුව දැනුම් දීමට නියමිතයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now