ලැව් ගිනි ව්‍යසන අතරේ දහස් ගණනින් ඕස්ට්‍රේලියානුවන් ස්වෙච්චා ගිනි නිවන භටයන් වීමට ඉල්ලුම් කරයි (SBS සිංහල / වාර්තා)

s

Source: AAP

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ගිනි නිවීමේ සේවාව වන Rural Fire Service විසින් පවසන්නේ වෙනදාට වඩා පස් ගුණයකින් ස්වෙච්චා ගිනි නිවන භටයන් වීමට ඉල්ලුම් කර ඇති බවයි. වෙන දින වලදී වසරකට ලැබෙන ඉල්ලුම් පත්, මාස තුනකදී ලැබී ඇති බවද වාර්තා වේ. වික්ටෝරියා හා දකුණු ඕස්ට්‍රේලියාවේ ද ඉල්ලුම් සංඛ්‍යාව වැඩි වී ඇති බවද වාර්තා වේ.

මෙ අතර NSW හා වික්ටෝරියා යන ප්‍රාන්ත වල ගිනි නිවීමේ කටයුතු වලදී ස්වෙච්චා නිලධාරීන් 5 දෙනෙකු මිය ගොස් තිබේ.

ලැව් ගිනි සමය ඇතිවී මාස 2 කට පමණ පසු නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ Rural Fire Service වෙත ඉල්ලුම් පත් 25000ක් පමණ ලැබී ඇති බව එම ආයතනයේ ප්‍රජා සම්බන්ධතා නිලධාරී Anthony Bradstreet පවසයි. සාමාන්‍යයෙන් මසකට අයදුම් පත් ලැබෙන්නේ 4000කට පමණයි.

එසේම ඔහු පවසන්නේ මේ ව්‍යසනය මධ්‍යයේ නිවෙස් වල සිටින පුද්ගලයන්ද ගිනි නිවීමේ සේවාවට දායක වීමට මෙසේ වාර්තාගත ලෙස උනන්දුවක් පෙන්වන බවයි.

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ Rural Fire Service තුල ලෝකයේ වැඩිම එනම් බ්‍රිගේඩ 2002 ක ස්වෙච්චා නිලධාරීන් 70,000ක් සිටී.

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිනි නිවීමේ සේවාව වන Country Fire Authority (CFA), ආයතනයද පවසන්නේ ස්වෙච්චා සේවයට වන්නන්ගේ  ඉල්ලීම් වැඩි වී ඇති බවයි. නමුත් එය ඔවුන් සංඛ්‍යාත්මකව ප්‍රකාශ කොට නැහැ. නමුත් ඔවුන්ද මෙසේ ජනතාව දක්වන උනන්දුව අගය කොට සලකයි

g
Source: AAP

නමුත් මෙම ලැව් ගිනි නිසා කාර්ය බහුල කාලයේ නව ස්වෙච්චා නිලධාරීන් බදවා ගැනීම කල් යා හැකි බවත් පුහුණුවක් නොමැතිව මෙම අවස්ථාවේ නව ගිනි නිවන නිලධාරීන් සේවයේ යෙදිය නොහැකි බවත් වික්ටෝරියා ප්‍රාන්තයේ ගිනි නිවීමේ සේවාව වන Country Fire Authority (CFA) ආයතනය පවසා තිබෙනවා.

ඒ වෙනුවට මේ අවස්ථාවේ ගින්න්නෙන් විපතට පත් වුවනට ආධාර ලබා දීමට එක් වන්නැයි ඔවුන් ජනතාවගෙන් ඉල්ලීමක් කොට තිබේ.

දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ගිනි නිවීමේ සේවාව වන Country Fire Service (CFS) පවසන්නේ මේ වසරේ ප්‍රථම දින 10 ඇතුලත නව ස්වෙච්චා සේවක අයදුම් පත් 1545ක් ලැබුණු බවයි. එසේම වසර 2019 අවසන් මාස 2දී ඉල්ලුම් පත් 1622 ලැබී තිබේ

තත්වය පහව යන්නේ කවදාද ?

මෙසේ ඉල්ලුම් පත් එක් කල 25000 අතරට නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ Blue Mountain ප්‍රදේශයේ John ද අයත් වේ.

ඔහු පවසන්නේ තත්වය සමනය වීමක් නොදකින නිසා ඔහුගේ දායකත්වය ලබා දීමට සිතු බවයි. ඔහුගේ වයස අවු 66ක් වන අතර මීට ඉහතදී ඔහ්ගේ නිවාස දැවීමෙන් වලක්වන්නට කටයුතු කල අයෙක්.

මෙවන් ඉල්ලුමක් පැවතියද ඕස්ට්‍රේලියානු ගිනි නිවන සේවා වලට අවශ්‍ය සහය ලැබේද යන්න ගැටළුවක්. නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ Rural Fire Service (RFS) හි Steve Dalli  SBS පුවත් වෙත පවසා ඇත්තේ ඔවුන්ට නවීන ජලය ප්‍රවාහනය කරන ටැංකියක් සදහා වසර 5ක් බලා සිටීමට සිදු වූ බවයි. එසේම දෙසැම්බර් මසදී කැන්බරා හි Lewin Hodgman සිය facebook පිටුවේ ප්‍රකාශ කලේ සිය 23 හැවිරිදි ගිනි නිවන සොයුරාට ප්‍රමිතියෙන් යුත් හිස් වැස්මක් නොලැබුණු බවයි. එසේම ඔහු පැවසුවේ ස්වෙච්චා සේවකයන්ට ලැබෙන්නේ එක ඇඳුම් කට්ටලයක් පමණක් බවයි. එසේම ඔවුන්ගේම ශ්වසන උපකරණ භාවිතා කිරීමට සිදුවීමත් වැඩි කාලයක් සේවක හිඟය නිසා එක දිගට වැඩ කිරීමට සිදුවීමත් වාර්තා වනවා.

නමුත් RFS හි Bradstreet මහතා පවසන්නේ එසේ උපකරණ හිඟයක් නොමැති බවයි. ඔහු පවසන්නේ මෙම ලැව් ගිනි සාමය නිමාවෙන් පසු වැඩි නිලධාරීන් පිරිසකට එක් විය හැකි නව පද්ධතිය සකස් කෙරෙනු ඇති බව. 

එසේම පසුගිය වසරේ අග නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ Rural Fire Service කොමසාරිස් Shane Fitzsimmons ද ප්‍රකාශ කලේ ඔවුන්ට ලැබෙන ප්‍රතිපාදන කවරදාකටත් වඩා ඉහල බවයි. ඔහු රජයත් සමග තවත් ප්‍රතිපාදන ලබා ගැනීම සදහා කටයුතු කරන බවද ඔහු ප්‍රකාශ කොට තිබේ

ඔබටත් ගිනි නිවන සේවා පිළිබද පහත වෙබ් අඩවි ඔස්සේ තොරතුරු ලබා ගත හැකියි 

NSW RFSVictoria CFASouth Australia CFSQueensland RFSWestern Australia DFESTasmania Fire Service , Northern Territory PFES.

How to listen SBS Sinhala Radio
. Source: SBS Sinhala

3 min read

Published

Updated

By Charitha Adikari



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now