SKIP TO MAIN CONTENT

උතුරු කොරියාවට යුද්ධ ප්‍රකාශ කළ ඇමෙරිකාව හොට බිම ඇන ගනී. (වීඩියෝ)

US - North Korea War
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඇමරිකා එක්සත් ජනපදය තම රටට එරෙහිව යුද්ධය ප්‍රකාශයට පත් කර ඇති බවත්, ඒ නිසා තම රටේ ආරක්ෂාව සදහා ඊට අවශ්‍ය ඕනෑම ක්‍රියාමාර්ගයක්  ගැනීමට තමන් සුදානම් බවත් උතුරු කොරියානු නායක Kim jong un පවසයි.

පසුගියදා උතුරු කොරියාවට ආසන්න ජාත්‍යන්තර ගුවන් අවකාශයේ ඇමරිකානු යුධ ගුවන් යානා  පියාසර කිරීමත් සමග දෙරට අතර අර්බුධකාරී වතාවරණ තවත් උග්‍ර වී තිබේ.

එම ගුවන් යානා  තම ගුවන් අවකාශය තුල පියාසර නොකළ නමුත් නැවත වරක් එය සිදු වුවහොත් තමන් ඒ සදහා ප්‍රහාර එල්ල කිරීමට පසු බට නොවන බව උතුරු කොරියානු විදේශ කටයුතු අමාත්‍ය Ri Yong Ho පවසයි.

මේ අතර උතුරු කොරියාවට එරෙහිව පසුගියදා ඇමරිකානු ජනධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කල ප්‍රකාශය, යුද්ධය ප්‍රකාශ කිරීමක් ලෙස සැලකීම ඉතා හාස්‍යජනක කරුණක් බව මේ පිලිබදව අදහස් දක්වන ධවල මන්දිර ප්‍රකාශිකා Sarah Huckerbee-Sanders පවසයි.

තවද ජාත්‍යන්තර ගුවන් අවකාශයේ ඇති යානාවන් සදහා ප්‍රහාර එල්ල කිරීම සදාචාරාත්මක නොවන බවද ඇය වැඩි දුරටත් සදහන් කරයි.

මෙහිදී ඉතා හොද සන්නිවේදන ක්‍රමවේදයක් අනුගමනය කරමින් රුසියාවේ සහ චීනයේ සහායද  ඇතිව උතුරු කොරියාව සමග විකල්ප විසදුමකට යොමු කිරීම වැදගත් බව මේ පිලිබදව අදහස් දක්වන ඔස්ට්‍රේලියානු විපක්ෂ නායක බිල් ශෝර්ටන් පවසයි.

විපක්ෂ නායකවරයාගේ දකුණු කොරියානු සංචාරය අතර තුරදී ඔහු මේ අදහස් පල කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now