SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ ත්‍රස්ත සැකකරුවන් ට චෝදනා ගොනු නොකර දින 14 ක් පොලිස් භාරයේ තබා ප්‍රශ්න කිරීමට අවසර.

new anti-terror laws
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාවේ නව ත්‍රස්ත විරෝධී නීතියට අනුව  වයස අවුරුදු 10 ක ළමයෙකු පවා චෝදනා ගොනු නොකර දින 14 ක් පොලිස් භාරයේ තබා ප්‍රශ්න කිරීමට හැකි බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ නීතිය පිළිබඳ අමාත්‍ය  Michael Keenan පවසයි.

දිනෙන් දින ලොව පුරා උත්සන්න වන ත්‍රස්ත ක්‍රියා ඔස්ට්‍රේලියාව තුළ මැඩපැවැත්වීමේ අරමුණින් ත්‍රස්තවාදයට එරෙහිව නව නීති ගෙන ඒමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සියලු ප්‍රාන්ත හා ටෙරිටරි රජයන්  සමග ඊයේ (05/10) විශේෂ සාකච්ඡාවක නිරත විය.

ඊයේ පැවති එම රැස්වීමේදී ගනු ලැබූ නව නීති සඳහා සියලු ප්‍රාන්ත හා ටෙරිටරි නායකයින් එකඟ වූ නමුත් ජනතාවගේ පුද්ගලිකත්වය, මානව හිමිකම් හා පුද්ගලික නිදහස, දරුවන්ගේ නිදහස වැනි දෑ පිළිබඳ ගැටළු පැන නැගිණි.

දරුවන්ට පවා මෙවැනි නීති පනවන්නට සිදුවීම ඇත්තෙන්ම කනගාටුදායී වන නමුත් වර්තමාන ලෝකයේ තත්ත්වයට අනුව එය එසේ සිදු කළ යුතු වන බවත් ඕනෑම දෙයකට වඩා ජනතාවගේ ආරක්ෂාව වැදගත් බවත් නීතිය පිළිබඳ අමාත්‍ය  Michael Keenan පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now