!!..ඕස්ට්‍රේලියානු මහ මැතිවරණය 2016..!!ත්‍රස්ත ක්‍රියා වලට එරෙහි Turnbull මහතාගේ යෝජනා කෙරේ ඉදිරිපත් වී ඇති විවිද මත හා ප්‍රශංශා

Malcolm Turnbull

Australian Prime Minister Malcolm Turnbull (left) and Australian Foreign Minister Julie Bishop speaks to the media Source: AAP

දැනට සිර ගත කොට ඇති ත්‍රස්ත ක්‍රියා වලට සම්භන්ද පුද්ගලයින් සිර ගත කිරීමේ කාලයෙන් පසුවත් ඔවුන්ගේ අන්තගාමේ අදහස් ඇතිනම් රඳවා තබා ගැනීමට කටයතු කරන බවට අග්රාමාත්ය Malcolm Turnbull පවසනවා. ඇමෙරිකාවේ Orlando හි සිදුවූ සිදුවීමෙන් පසුව Turnbull මහතා ප්‍රකාශ කලේ අන්තගාමී අදහස් ඇති තනිවම ත්‍රස්ත ක්‍රියා සදහා පෙළඹවීමක් සහිත පුද්ගලයන් ගෙන් අවධානමක් ඇති බවයි.

ඔහු පවසන්නේ ප්‍රාන්ත විසින් එසේ ත්‍රස්ත ක්‍රියා වලට වරදකරුවන් වූ පුද්ගලයන් දිගටම රඳවා ගැනීම සදහා නීති ඉදිරපත් කළයුතු බවත් තම ජුලි 2 මැතිවරණයෙන් නැවත බලයට පත් වුව හොත් ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන බවයි.

පර්ත් නුවරදී මාධ්‍ය අමතමින් Turnbull මහතා ප්‍රකාශ කර සිටියේ මෙය ගෝලීය තර්ජනයක් බවත් ඔස්ට්‍රේලියානුවන්ගේ ආරක්ෂාව පිණිස තමන් කටයුතු කරන බව ජනතාව දන්නා බවයි. මේ පිළිබඳව නීති සම්පාධනය ෆෙඩරල් රජය ආරම්භ කරන බවත්, නැවත බලයට පත් වුව හොත් එම නීති ප්‍රාන්ත මගින් ද ක්‍රියාත්මක කිරීම පිළිබඳවද ක්‍රියා කරන බවටද ඔහු පැවසීය.

ත්‍රස්ත ක්‍රියා පිලිබඳ විශේෂඥය Greg Barton SBS වෙත පවසා ඇත්තේ මෙසේ තර්ජනයක් විය හැකි පුද්ගලයින් පිලිබඳ ගන්න ක්‍රියාමාර්ග වෙනස් විය යුතු බවයි. සමහර පුද්ගලයන් තුල සමාජයට හා තරුණයින්ට හානිකර විය හැකි අදහස් ඇති නිසා ඔවුන්ගේ නිදහස සීමා කිරීමේ පියවර ගත යුතු බව ඔහු පවසනවා.

නමුත් ආරක්ෂාව පිලිබඳ නීතීඥය Rob Stary පවසන්නේ එවන් දඬුවම් වලින් නිදහස් වී එන පුද්ගලයින් කෙරේ දැඩි අධීක්ෂණයක් පවතින නිසා එය තවදුරටත් වැඩි කිරීම මානව හිමිකම් උල්ලංඝනයක් විය හැකි බවයි.

අපි පුද්ගලයන් සිදු කරාවි යයි සිතන කාරනා සඳහා ඔවුන් සිර ගත කරන්නේ නැහැ ..මෙය George Orwell' ගේ 1984 නවකතාව නොවන බවයි ඔහු පවසන්නේ

මෙසේ පුද්ගලයන් සිදු කරාවී යයි සැක කරන නිසාම එම වරද සිදු නොකරන පුද්ගලයන් සිර ගත කිරීමට පෙර ඊට සැබෑ අවශ්‍යතාවක් ඇත්ද යන්න සොයා බැලිය යුතු බවයි ඔහු පවසන්නේ.

කම්කරු පක්ෂයේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ Bill Shorten මහතා පාර්ලිමෙන්තුවෙදී

National Security Statement වෙනුවෙන් කල  ප්‍රකාශයට අනුව ජාතික ආරක්ෂාව සදහා කම්කරු පක්ෂයේ සහය ලැබෙන බවයි.

 

 

 

 


2 min read

Published

Updated

By Charitha Adikari

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now