SKIP TO MAIN CONTENT

ටෙස්‌ට්‌ පිතිකරණ පුහුණුව හෂාන්ට , එක්දින පිතිකරණ පුහුණුව අවිශ්කට

Hashan Thilakarathna
- New batting coach

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: Sri Lanka Cricket



Skip to article content

හෙට (26.7.2017) ආරම්භ වීමට නියමිත ඉන්දියාව සමග පැවැත්වෙන ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගාවලියේදී ශ්‍රී ලංකා පිතිකරු පුහුණුකරු ලෙස හිටපු ටෙස්‌ට්‌ නායක හෂාන් තිලකරත්නව පත්කර තිබේ. හෂාන් තිලකරත්න පසුගිය දෙසැම්බර් මස සිට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ පුහුණුකරුවකු ලෙස කටයුතු කරන අතර ඔහු ජාතික කණ්‌ඩායමක පිතිකරණ පුහුණුකරු ලෙස පත්වු පළමු අවස්‌ථාවද මෙය වේ.

මීට අමතරව ඉන්දියාව සමග පැවැත්වෙන එක්‌දින තරගාවලියේදී පිතිකරණ පුහුණුකරු ලෙස අවිශ්ක ගුණවර්ධන පත්කර තිබේ.

 ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟය හෙට ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භවීමට නියමිතයි. තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 10 ට එනම් ඕස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් පස්වරු 2.30ට අආම්භ වේ.

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now