Highlights
ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 95 ක් වාර්තා වී ඇති අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 32 ක්ද, ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 26 ක්ද, වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 25 ක්ද ඊට ඇතුළත් වේ.
ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.
"අපි වැඩිදුර පරීක්ෂණයක් ගැන ඉදිරියෙදී නිවේදනයක් කරනවා. මෙය ලෙහෙසියෙන් ඉවත දැමිය හැකි දෙයක් නෙමෙයි." යනුවෙන් අගමැති Albanese පැවසුවේය.
මානසික සෞඛ්‍ය පිළිබඳ සහකාර අමාත්‍ය Emma McBride, Head to Health නමින් නව උපකාරක සේවාවක් දියත් කර ඇත.
ජනතාවට 1800 595 212 අංකයට ඇමතීමෙන් උදෑසන 8:30 සිට සවස 5 දක්වා නොමිලේ මානසික සෞඛ්‍ය උපදෙස්, වෛද්‍ය ඇගයීම්, සහ මානසික සෞඛ්‍ය සේවා වෙත නිර්දේශ කිරීම් ලබා ගත හැක.
Omicron හි BA.4 සහ BA.5 උප ප්‍රභේද ඉලක්ක කරන බූස්ටර් මාත්‍රාවක් සඳහා Pfizer ආයතනය ඇමෙරිකා එක්සත් ජනපද ආහාර සහ ඖෂධ අධිකාරියෙන් අනුමැතිය ඉල්ලා ඇත.
මධ්‍යස්ථ සිට දරුණු COVID-19 ආසාදනයක් ඇති රෝහල්ගත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා නව oral medicine හෙවත් මුඛ ඖෂධයක් වන sabizabulin ඔස්ට්‍රේලියාවේ ඖෂධ හා චිකිත්සක පරිපාලන අධිකාරියෙන් අනුමත කර ඇත.
NSW ප්‍රාන්ත අගමැති Dominic Perrottet විසින් අගෝස්තු 31 වන දින ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමේදී COVID-19 සහිත පුද්ගලයින් සඳහා නිරෝධායන කාලය දින හතේ සිට පහ දක්වා අඩු කිරීමේ ගැටලුව නැවත මතු කරනු ඇත.

