ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ විශාලතම සමීක්ෂණය එළබෙන අගෝස්තු 9දා (වාර්තා / SBS සිංහල)

මීළඟ ඕස්ට්‍රේලියානු සංගණනය එළබෙන අගෝස්තු 9දා රාත්‍රියේ ක්‍රියාත්මක වීමට නියමිත අතර, ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ ක්‍රියාත්මක විශාලතම සමීක්ෂණය මෙය වනු ඇති බව සදහන්. රටවල් 200 කට අධික සංඛ්‍යාවකින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ , භාෂා 300කට අධික සංඛ්‍යාවක් කතා කරන මිලියන 24කට අධික ජනතාවක් මෙවර, සංගණනයට භාජනය වීමට නියමිත බව සදහන්

Shoppers looking for a bargain at the Boxing Day sales in Pitt St Mall Sydney,

Shoppers looking for a bargain at the Boxing Day sales in Pitt St Mall Sydney, Source: AAP Image/Jane Dempster

මීළඟ ඕස්ට්‍රේලියානු සංගණනය එළබෙන අගෝස්තු 9දා  රාත්‍රියේ ක්‍රියාත්මක වීමට නියමිත අතර, ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ ක්‍රියාත්මක විශාලතම සමීක්ෂණය මෙය වනු ඇති බව සදහන්.  රටවල් 200 කට අධික සංඛ්‍යාවකින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ , භාෂා 300කට අධික සංඛ්‍යාවක් කතා කරන මිලියන 24කට අධික ජනතාවක් මෙවර, සංගණනයට භාජනය වීමට නියමිත බව සදහන්.  ඕස්ට්‍රේලියානු සංගණනය සෑම වසර 5කට වරක් පැවැත්වෙන අතර, ඕස්ට්‍රේලියානු ජනගහනයේ ලක්ෂණ හදුනාගැනීමට සහ රට තුල පහසුකම් සංවර්ධනයට සංගණනයේ දත්ත ඉවහල් වනු ඇති. මෙවර සංගණනය බොහෝ දෙනෙක් අන්තර්ජාලය ඔස්සේ සම්පුර්ණ කරනු ඇති බව ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ මතය වී තිබේ.

පළමු සංගණනය 1911දී

ඕස්ට්‍රේලියාවේ පළමු සංගණනය 1911 දී ක්‍රියාත්මක කර ඇති අතර ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජයට අනුබද්ධ ආයතනයක් වන  ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය (Australian Bureau of Statistics) විසින් සංගණනය ක්‍රියාත්මක කරනු ලබයි.

ඕස්ට්‍රේලියාව තුල සංගණන රාත්‍රිය තුල සිටින සියලු දෙනා සංගණනයට සහභාගිවීමඅනිවාර්ය කරුණක්

සංගණන සමීක්ෂණයට  සහභාගිවීම ඔස්ට්‍රේලියාව තුල සංගණන රාත්‍රිය තුල සිටින සියලු දෙනාට අනිවාර්ය කරුණක් වන අතර, එලෙස සෑම  දෙනාගේම දායකත්වය ලැබීම, සංගණනයේ දත්ත නිවැරදි වීමට පිටුවහලක් වන බව 2016 ඕස්ට්‍රේලියානු සංගණනයේ ප්‍රධානී Duncan Young පවසයි.

 අගෝස්තු 9දා  සංගණන රාත්‍රියේ මෙරට සිටින ජාත්‍යන්තර සිසුන් සහ විදේශීය සංචාරකයින්ද සංගණනයට දායක විය යුතු බව සදහන්.

 තවද මෙවර සංගණනයේදී  ආගම පිළිබද ප්‍රශ්න සදහා නිවැරදිව  පිළිතුරු ලබාදීම වැදගත් බව සංගණනයේ ප්‍රධානී Duncan Young පවසයි.

වැඩි පිරිසක් අන්තර්ජාලය ඔස්සේ සංගණනයට

මෙවර සංගණනයට ඕස්ට්‍රේලියානු ජනතාවගෙන් සියයට 65 කට ආසන්න පිරිසක් අන්තර්ජාලය ඔස්සේ සංගණනයට එක් වනු ඇති බව  සංඛ්‍යාලේඛන කාර්යාංශයේ බලාපොරොත්තුව වී තිබේ. ඒ අනුව මිලියන 16කට ආසන්න  පිරිසක් අන්තර්ජාලය ඔස්සේ සංගණනයට දායක වනු ඇති බව සදහන්. 2006 වසරේදී ප්‍රථම වතවට කාර්යාංශය අන්තර්ජාලය ඔස්සේ සංගණනයට සහභාගී වීමේ අවස්ථාව ජනතාවට ලබාදුන් අතර එදා සිට මේ දක්වා අන්තර්ජාලය ඔස්සේ ඒ සදහා එක්  වීමට ජනතාව වැඩි කැමැත්තක් දක්වන බව කාර්යාංශය පවසයි.

 

මීළඟ ඕස්ට්‍රේලියානු සංගණනය එළබෙන අගෝස්තු 9දා  රාත්‍රියේ ක්‍රියාත්මක වීමට නියමිත අතර, ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ ක්‍රියාත්මක විශාලතම සමීක්ෂණය මෙය වනු ඇති බව සදහන්.  රටවල් 200 කට අධික සංඛ්‍යාවකින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ , භාෂා 300කට අධික සංඛ්‍යාවක් කතා කරන මිලියන 24කට අධික ජනතාවක් මෙවර, සංගණනයට භාජනය වීමට නියමිත බව සදහන්.  ඕස්ට්‍රේලියානු සංගණනය සෑම වසර 5කට වරක් පැවැත්වෙන අතර, ඕස්ට්‍රේලියානු ජනගහනයේ ලක්ෂණ හදුනාගැනීමට සහ රට තුල පහසුකම් සංවර්ධනයට සංගණනයේ දත්ත ඉවහල් වනු ඇති. මෙවර සංගණනය බොහෝ දෙනෙක් අන්තර්ජාලය ඔස්සේ සම්පුර්ණ කරනු ඇති බව ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ මතය වී තිබේ.

Smart Phone සහ Tablet මගින්ද සංගණනයට එක විය හැකියි

Smart ජංගම දුරකථන , Tablet හෝ පරිගණකය ඔස්සේ සංගණනයට දායක විය හැකි අතර, එය සම්පුර්ණ කිරීමට විනාඩි 30කට අසන්න කාලයක් ගත වනු ඇති බව සදහන්. සංගණනය අන්තර්ජාලය ඔස්සේ සම්පුර්ණ කිරීමට අවශ්‍ය වන රහස් අංකය හෙවත් digital access code එක අගෝස්තු මුල් සතියේදී ජනතාවට තැපැල් මගින් ලබාදීමට කටයුතු යොදා ඇති බව සදහන්.

සංගණනය අන්තර්ජාලය ඔස්සේ සම්පුර්ණ කල නොහැකි අයට, එය සම්ප්‍රදායික පෝරමය මගින් සම්පුර්ණ කල හැකියි.

සංගණනය සම්පුර්ණ කිරීමට උදව් අවශ්‍ය අයට කාර්යාංශයේ සහාය

සංගණනය සම්පුර්ණ කිරීම සදහා අබාධ සහිත වුවන්ට, නිවෙස් නැති අයට, දුෂ්කර පළාත්වල වෙසෙන අයට  සහාය  අවශ්‍ය නම් ඒ සදහා සහාය  සේවාවන් සැපයීමට සංඛ්‍යාලේඛන කාර්යාංශය සුදානම් බව සදහන්. තවද ඉංග්‍රීසි බස කතා කල නොහැකි යට පරිවර්තන සේවාවන්ගේ සහායද  මේ සදහා ලබා ගත හැකියි.

අගෝස්තු 9දා  සංගණනයට දායක වීමට නොහැකි වන අයගේ නිවෙස් වෙත සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නිලධාරීන් පසුව පැමිණෙන බවත් ඔවුන්ට උපරිම සහය ලබාදෙන ලෙසත් කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියි.

2016 ඕස්ට්‍රේලියානු සංගණනය පිළිබද තොරතුරු

වෙබ් අඩවිය  - www.census.abs.gov.au

පරිවර්තක සේවා  - 13 14 50

සම්ප්‍රදායික පෝරම මගින්  සංගණනය සම්පුර්ණ කිරීමට - 1300 214 531


Share

Published

Updated

By Sanjaya Dissanayake

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service