SKIP TO MAIN CONTENT

සුපිරි ටෙනිස් තරු මෙල්බන් නුවරට ගොඩබසින ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය ඇරඹේ.

The 2017 Australian Open starts today.
Source: www.queenoftickets.com

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: Australian Open



Skip to article content

ලොව පළමු පෙළේ ජාත්‍යන්තර ටෙනිස් තරගාවලියක් වන ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය 105 වන වරට අද (16/01) මෙල්බන් නුවරදී ආරම්භ විය.

වසරේ පළමු Grand Slam ශූරතාවලිය ලෙස පැවැත්වෙන මෙය අද සිට ලබන ජනවාරි 29 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.

වෘත්තිමය ටෙනිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සහභාගී වන කේවල, යුගල සහ මිශ්‍ර තරගවලින් සමන්විත වන මෙම තරගාවලියේ කනිෂ්ඨ හා රෝද පුටු ආධාරයෙන් ක්‍රීඩා කරන ආබධිත ක්‍රීඩකයින්ගේ කේවල සහ යුගල තරගද ඇතුළත් වේ.

මෙවර ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය මෙල්බන් නුවර ටෙනිස් පිටි (tennis courts) 25 ක පැවැත්වෙන අතර ඒ අතර ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම ටෙනිස් ක්‍රීඩාංගන වන  Rod Laver Arena, Hisense Arena සහ Margaret Court Arena ද වෙයි.

මීට අමතරව ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය සඳහා මෙවර පිරිනමන ත්‍යාග මුදල ඩොලර් 50,000,000 බවද වාර්තා වේ.

2016 වසරේදී ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල අංශයෙන් ජයගැනීමට සර්බියාවේ Novak Djokovic සමත්වූ අතර කාන්තා කේවල අංශයෙන් ජර්මනියේ Angelique Kerber සමත් විය.

පිරිමි යුගල අංශයෙන් එක්සත් රාජධානියේ Jamie Murray සහ බ්‍රසීලයේ Bruno Soares ජය ගත් අතර කාන්තා යුගල අංශයෙන් ස්විට්සර්ලන්තයේ Martina Hingis සහ ඉන්දියාවේ Sania Mirza ජය හිමි කරගත් බව වාර්තා වේ.

2016 තරගාවලියේ මිශ්‍ර අංශයෙන් ජයගැනීමට රුසියාවේ Elena Vesnina සහ බ්‍රසීලයේ Bruno Soares සමත් විය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now