SKIP TO MAIN CONTENT

සුපිරි ටෙනිස් තරු සමග 2021 ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවලිය අද මෙල්බර්න් නුවරදී ඇරඹේ

Australian Open
Source: AO Facebook

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

2021 ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවලිය අද මෙල්බර්න් නුවරදී ආරම්භ වේ.

109 වන වරට පැවැත්වෙන මෙම ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවලිය 2021 වසරේ පැවැත්වෙන ප්‍රථම Grand Slam ටෙනිස් තරගාවලිය ලෙස සඳහන්.

ජනවාරි 18 සිට 31 දක්වා පැවැත්වීමට තිබූ මෙම තරගාවලිය කොරෝනා වසංගතය හේතුවෙන් කල් දැමුණු අතර ඒ අනුව එය අද සිට පෙබරවාරි 21 දක්වා පැවැත්වෙනු ඇත.

Naomi Osaka, Serena Williams, Venus Williams,Angelique Kerber, Simona Halep සහ Novak Djokovic යන ප්‍රබල ටෙනිස් තරු අද දිනයේදී තරග වදිනු ඇත.

ඇමෙරිකාවේ ටෙනිස් ශූරිය වන Serena Williams මෙවර වාර්තාගත ලෙස 24 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ජයග්‍රහණය ලබා ගැනීමේ පීඩනයට මුහුණ දී සිටියි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now