SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ සිටින තරුණයින්ට වැඩි රැකියා අවස්ථා ලබාදීම ඉලක්ක කොට ගත් නව Jobmaker වැඩසටහන සෙනෙට් සභාවේදී සම්මත වෙයි

A third of Australian businesses experiencing challenges with finding staff
Source: AAP

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

ඩොලර් බිලියන 4 ක වටිනාකමකින් යුතු නව Jobmaker වැඩසටහනට අදාල යෝජනාව සෙනෙට් සභාවේදී සම්මත වෙයි. චන්ද 30 ට 28 ක් ලෙසට මෙය ඊයේ (11 Oct) රාත්‍රියේදී සම්මත විය.

මෙම නව ජොබ් මේකර් යෝජනාවට අනුව තරුණ ඕස්ට්‍රේලියානුවන් මෙරට ශ්‍රම බලකායට බඳවා ගැනීම මුලික අරමුණයි. ඒ අනුව වයස අවුරුදු 16 සිට 35 දක්වා වන වයස් ඛාණ්ඩ වල සිටින තරුණ පුද්ගලයින් අමතර සේවකයින් ලෙසට බඳවා ගන්නා පෞද්ගලික සමාගම් වලට සතියකට ඩොලර් 2000.00 මුදලක් හිමිවන පරිදි මුල්‍ය ප්‍රතිපාදන ලබාදීම මධ්‍යම රජයේ සැලසුම වී තිබේ.

කෙසේ වෙතත්, මේ හේතුවෙන් ආයතන වල මේ වන විට සේවය කරනා වයස්ගත සේවක පිරිස් ඉවත් කිරීමක් මෙම නව ජොබ් මේකර් යෝජනා ක්‍රමයෙන් සිදුවීම වැලක්වීමට අවශ්‍ය සංශෝධන, මධ්‍යම රජයේ කම්කරු පක්ෂය විසින් ඊයේ දිනයේදී සෙනෙට් සභාව වෙත ඉදිරිපත් කළේය.

එහෙත් One Nation පක්ෂය එයට විරුද්ධව ආණ්ඩු පක්ෂය වෙනුවෙන් චන්දය ලබාදීම හේතුවෙන් එම යෝජනාව ඊයේ දිනයේදී සෙනෙට් සභාව තුල සම්මත නොවින.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now