ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් හිමි වන ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන අළු බදුන ක්‍රිකට් තරගාවලිය එලඹෙන 23 වන බ්‍රහස්පතින්දා ආරම්භ වීමට නියමිත අතර, තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය පැවැත්වෙන්නේ බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගනයේදී.
මෙවර අළු බදුන ටෙස්ට් තරගාවලියට සහභාගී වන ඕස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායම පසුගියදා නම් කල අතර වසර 7කට ආසන්න කාලයක් ටෙස්ට් කණ්ඩායමට ඇතුලත් නොවූ ටස්මේනියානු ක්‍රීඩක Tim Paine කණ්ඩායමට ඇතුලත් කිරීම මේ වන දැඩි විවේචනයට ලක්ව තිබේ. තවද ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ කඩුලු රකින්නා වශයෙන් කටයුතු කල Matthew Wade කණ්ඩායමට ඇතුලත් නොවීම නිසා කඩුලු රැකීමේ වගකීමද Tim Paine හට හිමිව තිබීම සුවිශේෂී කාරණයක්.
හිටපු ඕස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රීඩකයින් වන Allan Border සහ Shane Warne ද, තේරීම් කමිටුව විසින් Tim Paine කණ්ඩායමට ඇතුලත් කිරීම පසුගියදා විවේචනය කර තිබිණි.
32 හැවිරිදි Tim Paine ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 4ක් පමණක් ක්‍රීඩා කර ඇති අතර, එහිදී ඔහු වාර්තා කර ඇති ලකුණු ප්‍රමාණය 287ක්. එක් දින තරග 26කට ක්‍රීඩා කර ඇති ඔහු එහිදී එක් දින ජාත්‍යන්තර ලකුණු 737ක් වාර්තා කර තිබේ .
2017 - 18 අළු බදුන ටෙස්ට් තරගාවලිය සදහා නම් කල ඕස්ට්‍රේලියානු සංචිතය
Steve Smith ( නායක ) , David Warner (උප නායක ), Cameron Bancroft, Usman Khawaja, Peter Handscomb, Shaun Marsh, Tim Paine (කඩුලු රකින්නා ), Mitchell Starc, Pat Cummins, Nathan Lyon, Josh Hazlewood, Jackson Bird, Chadd Sayers.
මෙවර අළු බදුන තරගාවලිය ඕස්ට්‍රේලියාව තුල පැවැත්වෙන නිසා එහි වැඩි වාසි ඕස්ට්‍රේලියාවට ඇති බව ප්‍රකාශ වුවත් ගෙවී ගිය මාස කීපය තුල කණ්ඩායම් දෙකෙහි දක්ෂතා පිළිබද දත්ත සලකා බැලීමේදී මෙම තරගාවලිය පිළිබද අනාවැකි පල කිරීම ඉතා අපහසු බව විචාරක මතය වී තිබේ. 2013/14 තරග වාරය තුල එංගලන්තය ඕස්ට්‍රේලියාවේ සංචාරය කල අවස්ථාවේ ඕස්ට්‍රේලියාව ටෙස්ට් තරගාවලිය 5-0ක් ලෙස ජයගත්තද, 2016 අප්‍රේල් මාසයේ සිට මේ දක්වා දෙරට සහභාගී වී ඇති ටෙස්ට් තරග වල ප්‍රථිපල සලකා බැලීමේදී කණ්ඩායම් දෙකම කරට කර සිටින බව සදහන් කල හැකියි. මෙම වකවානුව තුල ඕස්ට්‍රේලියාව ටෙස්ට් තරග 12කට සහභාගී වී ඉන් තරග 6ක් ජයගෙන 5ක් පරාජයට පත් වී තිබේ. එංගලන්තය තරග 15කට සහභාගී වී ඉන් තරග 6ක් ජයගෙන 8ක් පරාජයට පත් වී තිබේ.
අළු බදුන ක්‍රිකට් තරගාවලියට නම් කල රුපවාහිනී විචාරක කණ්ඩායමටත් විවේචන
මෙවර අළු බදුන ක්‍රිකට් තරගාවලියට එක් වන රුපවාහිනී විචාරක කණ්ඩායමට පසුගියදා Channel 9 ආයතනය විසින් ප්‍රකාශයට පත් කල අතර, ඒ සදහා පුරුෂ පාර්ශවය පමණක් ඇතුලත් වීමත් කාන්තා නියෝජනයක් දක්නට නොලැබීමත් විවිධත්වයක් දක්නට නොලැබීමත් ක්‍රිකට් ප්‍රවිනයින්ගේ විවේචනයට ලක්ව තිබිණි.
h
2017 -18 අළු බදුන තරග කාල සටහන
පලමු ටෙස්ට් තරගය - බ්‍රිස්බේන් - ගැබා - නොවැම්බර් 23-27
දෙවැනි ටෙස්ට් තරගය - ඇඩිලේඩ් (දිවා - රාත්‍රී) - දෙසැම්බර් 2-6
තුන්වැනි ටෙස්ට් තරගය -පර්ත් - WACA - දෙසැම්බර් 14-18
සිව්වැනි ටෙස්ට් තරගය - මෙල්බර්න් - MCG - දෙසැම්බර් 26 - 30
පස්වැනි ටෙස්ට් තරගය - සිඩ්නි - SCG, 2018 ජනවාරි 4-8
ටෙස්ට් තරගාවලියෙන් පසු එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර එක් දින තරගාවලිය 2018 වසරේ ජනවාරි මස 14 දා ආරම්භ වීමට නියමිත අතර, දෙරට අතර 20-20 තරගාවලිය පෙබරවාරි 3දා ආරම්භ වීමට නියමිතයි.