එක් දින සහ T20 තරග සංචාරයක් සඳහා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම එංගලන්තය බලා පිටත්ව යයි

The Australian cricket team left for England for an ODI and T20 series

Source: Facebook/ Adam Zampa

එක් දින සහ 20-20 තරග සංචාරයක් සඳහා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ඊයේ (23/08) එංගලන්තය බලා පිටත්ව ගියේය.

කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය මාර්තු මාසයෙන් අනතුරුව තරගාවලියක් සඳහා ඔස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායම යළි එකට හමුවූ ප්‍රථම අවස්ථාව මෙය වේ.

බටහිර ඉන්දීය කොදෙව්, අයර්ලන්ත හා පාකිස්තානය පසුගිය මාස කිහිපයේ එංගලන්තයේ සංචාරය කළ අතර ඒවා කිසිදු ගැටලුවකින් තොරව පැවැත්වීමට හැකියාව ලැබුණි.

මෙම සංචාරය තුළ එංගලන්තය හා ඔස්ට්‍රේලියාව අතර 20-20 තරග තුනක් සහ එක් දින ජාත්‍යන්තර තරග 3ක් පැවැත්වීමට නියමිතය.

ඔස්ට්‍රේලියාව අවසන් වරට මුහුණ දුන් 20-20 තරග 11 න් 9 ක්ම ජයගනිමින් ජයග්‍රාහී මානසිකත්වයකින් මෙම තරගාවලියට මුහුණ දීමට සූදානම් වේ.


Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
එක් දින සහ T20 තරග සංචාරයක් සඳහා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම එංගලන්තය බලා පිටත්ව යයි | SBS Sinhala