SKIP TO MAIN CONTENT

එක් දින සහ T20 තරග සංචාරයක් සඳහා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම එංගලන්තය බලා පිටත්ව යයි

The Australian cricket team left for England for an ODI and T20 series
Source: Facebook/ Adam Zampa

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

එක් දින සහ 20-20 තරග සංචාරයක් සඳහා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ඊයේ (23/08) එංගලන්තය බලා පිටත්ව ගියේය.

කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය මාර්තු මාසයෙන් අනතුරුව තරගාවලියක් සඳහා ඔස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායම යළි එකට හමුවූ ප්‍රථම අවස්ථාව මෙය වේ.

බටහිර ඉන්දීය කොදෙව්, අයර්ලන්ත හා පාකිස්තානය පසුගිය මාස කිහිපයේ එංගලන්තයේ සංචාරය කළ අතර ඒවා කිසිදු ගැටලුවකින් තොරව පැවැත්වීමට හැකියාව ලැබුණි.

මෙම සංචාරය තුළ එංගලන්තය හා ඔස්ට්‍රේලියාව අතර 20-20 තරග තුනක් සහ එක් දින ජාත්‍යන්තර තරග 3ක් පැවැත්වීමට නියමිතය.

ඔස්ට්‍රේලියාව අවසන් වරට මුහුණ දුන් 20-20 තරග 11 න් 9 ක්ම ජයගනිමින් ජයග්‍රාහී මානසිකත්වයකින් මෙම තරගාවලියට මුහුණ දීමට සූදානම් වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now