SKIP TO MAIN CONTENT

මාස 12 ට අඩු සේවා කාලයක් සපුරන ලද Casual සේවකයින්ට 'Jobkeeper’ දීමනාව ගෙවිය නොහැකි බවට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය දන්වයි

casual_worker_unions.jpg
Source: Getty Images

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

ඩොලර් බිලියන 130 ක වැටුප් සහනාධාර ක්‍රමයට ඉල්ලුම් කිරීම සඳහා අනියම් සේවකයින් වැඩි ප්‍රමාණයකට අවස්ථාව සලසාදෙන ලෙසට සිදුකරන ලද ඉල්ලීම් මධ්‍යම රජය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

අනියම් හෙවත් Casual පදනම යටතේ සිටින සේවකයින් සුදුසුකම් ලබන්නේ 'Jobkeeper’ ගෙවීම සඳහා පමණක් වුවද, ඒ සඳහාද ඔවුන් වසරක සේවා කාලයක් සම්පුර්ණ කොට තිබිය යුතු වේ.

එහෙත් ඕස්ට්‍රේලියානු වෘත්තීය සමිති කවුන්සිලය පවසන්නේ, වසරක සේවා කාලයක් සම්පුර්ණ නොකරන ලද අනියම් සේවකයින්, අඛණ්ඩ සේවා කොන්ත්‍රාත් පදනම හෙවත් "ongoing work," පදනම යටතේ සේවය කරන්නේ නම්, ඔවුනටද ඩොලර් 1500 බැගින් වන වැටුප් සහනාධාරය ගෙවිය යුතු බවයි.

එහෙත් කර්මාන්ත කටයුතු පිලිබඳ අමාත්‍ය Christian Porter පවසන්නේ රජය විසින් අනියම් හෙවත් casual සේවකයෙකු සඳහා වන නීතිමය අර්ථ දැක්වීම පවත්නා නීති සම්පාදනය මත පදනම් කර ගෙන ඇති බැවින්, ඔවුන් වෙනුවෙන් වන අතිරේක ඉල්ලීම් පිළිබඳව සලකා බැලිය නොහැකි බවයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now