මාස 12 ට අඩු සේවා කාලයක් සපුරන ලද Casual සේවකයින්ට 'Jobkeeper’ දීමනාව ගෙවිය නොහැකි බවට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය දන්වයි

casual_worker_unions.jpg

Source: Getty Images

ඩොලර් බිලියන 130 ක වැටුප් සහනාධාර ක්‍රමයට ඉල්ලුම් කිරීම සඳහා අනියම් සේවකයින් වැඩි ප්‍රමාණයකට අවස්ථාව සලසාදෙන ලෙසට සිදුකරන ලද ඉල්ලීම් මධ්‍යම රජය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

අනියම් හෙවත් Casual පදනම යටතේ සිටින සේවකයින් සුදුසුකම් ලබන්නේ 'Jobkeeper’ ගෙවීම සඳහා පමණක් වුවද, ඒ සඳහාද ඔවුන් වසරක සේවා කාලයක් සම්පුර්ණ කොට තිබිය යුතු වේ.

එහෙත් ඕස්ට්‍රේලියානු වෘත්තීය සමිති කවුන්සිලය පවසන්නේ, වසරක සේවා කාලයක් සම්පුර්ණ නොකරන ලද අනියම් සේවකයින්, අඛණ්ඩ සේවා කොන්ත්‍රාත් පදනම හෙවත් "ongoing work," පදනම යටතේ සේවය කරන්නේ නම්, ඔවුනටද ඩොලර් 1500 බැගින් වන වැටුප් සහනාධාරය ගෙවිය යුතු බවයි.

එහෙත් කර්මාන්ත කටයුතු පිලිබඳ අමාත්‍ය Christian Porter පවසන්නේ රජය විසින් අනියම් හෙවත් casual සේවකයෙකු සඳහා වන නීතිමය අර්ථ දැක්වීම පවත්නා නීති සම්පාදනය මත පදනම් කර ගෙන ඇති බැවින්, ඔවුන් වෙනුවෙන් වන අතිරේක ඉල්ලීම් පිළිබඳව සලකා බැලිය නොහැකි බවයි.


Share

Published

By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service