ඔස්ට්‍රේලියාවේ ඉහළ යන නිවාස කුලිය හමුවේ කුලී සහන දීමනාව ඉහළ දැමීම මධ්‍යම රජය ප්‍රතික්ෂේප කරයි

රජයේ කුලී සහන දීමනා ගෙවීම් ඉහළ යන නිවාස කුලී වෙළඳපොළට වඩා පහත වැටෙන බව ඔස්ට්‍රේලියාවේ ඵලදායිතා කොමිසමේ වාර්තාවකින් හෙළි විය.

A house and a lease agreement.

A new report says that Commonwealth rental assistance is not keeping up with rising prices. Source: SBS

ඔස්ට්‍රේලියාවේ ඉහළ යන නිවාස කුලී පියවා ගැනීම උදෙසා කුලී නිවැසියන්ට උපකාර කිරීම සඳහා මධ්‍යම රජයේ rent assistance හෙවත් කුලී සහන දීමනාව ඉහළ දැමීම නිවාස අමාත්‍යවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇත.

රජයේ කුලී සහන දීමනා ගෙවීම් ඉහළ යන නිවාස කුලී වෙළඳපොළට වඩා පහත වැටෙන බව ඔස්ට්‍රේලියාවේ ඵලදායිතා කොමිසමේ වාර්තාවකින් හෙළි විය.

නිවාස කුලී වෙලඳපොලේ උච්චාවචනයන් සමඟ වේගයෙන් ඉදිරියට ගමන් කිරීම සහතික කිරීම සඳහා නිවාස කුලී සඳහා ගෙවීම් සමපාත කිරීම හෝ ඒවා නිතිපතා සමාලෝචනය කිරීම කළ යුතු බව ඵලදායිතා කොමිසම යෝජනා කර තිබේ.
ඉහළ නිවාස කුලී ගෙවීම් සමබන්ධයෙන් සාකච්ඡා කිරීම තම න්‍යාය පත්‍රයේ නොමැති බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ නිවාස අමාත්‍ය Julie Collins, ABC ගුවන් විදුලියට පැවසුවාය.

"අපගේ මැතිවරණ පොරොන්දු ඉටු කිරීමට අපි අවධානය යොමු කර සිටිනවා" කුලී සහන දීමනා ගෙවීම් වැඩි කිරීම ගැන විමසූ විට ඇය පැවසුවාය.
A for lease sign outside a house in Sydney.
The average low-income renter spends more than one-third of their income on rent. Source: AAP / April Fonti

ඵලදායිතා කොමිසමේ නිර්දේශ

ඩොලර් බිලියන 1.6 ක NHHA හෙවත් ජාතික නිවාස සහ නිවාස නොමැතිකම සම්බන්ධ ගිවිසුම පිළිබඳ සමාලෝචනයක කොටසක් ලෙස ඵලදායිතා කොමිසම නිවාස කුලී ගෙවීම් පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කළේය.

රජයේ කුලී සහන දීමනා ගෙවීම් ක්‍රියාවලිය අකාර්යක්ෂම ලෙස සලකනු ලැබූ අතර නිවාස නොමැතිකම සහ නිවාස ආතතිය වැළැක්වීම සඳහා සුළු වශයෙන් සිදු කරන බව සොයා ගන්නා ලදී.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————

"NHHA ක්‍රියාත්මක වූ කාලය පුරාවට, බොහෝ මිනිසුන්ට, විශේෂයෙන් පුද්ගලික වෙළඳපොලේ නිවාස කුලියට ගන්නා පුද්ගලයින්ට දැරිය හැකි නිවාස මිල පිරිහී තිබෙනවා" යනුවෙන් කොමසාරිස් Malcolm Roberts පැවසීය.

සාමාන්‍ය අඩු ආදායම්ලාභී කුලී නිවැසියෙකු තම ආදායමෙන් තුනෙන් එකකට වඩා නිවාස කුලියට වියදම් කරයි.

ඒ අනුව බලන කල දැරිය හැකි, ආරක්ෂිත සහ තිරසාර නිවාස සඳහා ප්‍රවේශය වැඩිදියුණු කිරීමට අදහස් කරන NHHA අකාර්යක්ෂම බව කොමසාරිස් Malcolm Roberts පැවසීය.


අඩු ආදායම්ලාභී කුලී නිවැසියන්ට නිවාස සඳහා ගෙවීමට වැඩි සහයෝගයක් අවශ්‍ය වන බවත් නිවාස සැපයුම ඉහළ නැංවීමට ඇති බාධක මුලිනුපුටා දැමිය යුතු බවත් ඵලදායිතා කොමිෂන් වාර්තාව සඳහන් කරයි.

තවත් social housing හෙවත් සමාජ නිවාස ඉදිකිරීම මෙහි විසඳුමේ කොටසක් පමණක් බව වාර්තාව පවසයි.

"වැඩිපුර සමාජ නිවාස ඉදිකිරීම අඩු ආදායම්ලාභී පවුල් සඳහා දැරිය හැකි නිවාස සැපයුම වැඩි කරනු ඇති. නමුත් සමාජ නිවාස සාපේක්ෂ වශයෙන් මිල අධික වන අතර එය දැරිය හැකි මිලට අර්ධ විසඳුමක් පමණක් විය හැකියි" යනුවෙන් කොමිසම් වාර්තාව පවසයි.

මේ අතර දිගුකාලීන නිවාස නොමැතිකමේ අවදානමට ලක්ව සිටින අය සඳහා සමාජ නිවාස වෙන් කිරීම කොමිසම නිර්දේශ කරයි.

අඩු ආදායම්ලාභී පවුල් සඳහා පුද්ගලික නිවාස කුලී වෙළඳපොලේ දැරිය හැකි මිල ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව කොමිසම පෙන්වා දෙයි.

එමෙන්ම සැලසුම් ප්‍රතිසංස්කරණ සහ වඩා හොඳ යටිතල පහසුකම් සැලසුම් කිරීම මගින් නව නිවාස සැපයුම සඳහා ස්ථිර ඉලක්ක පිළිබඳව ද ඵලදායිතා කොමිසම රජයෙන් ඉල්ලා සිටියේය

මධ්‍යම රජයේ නිවාස අමාත්‍ය Julie Collins කොමිසමේ සොයාගැනීම් පිළිගත් අතර ඔවුන් ජාතික නිවාස සැපයුම් කවුන්සිලයට මේ පිළිබඳව දැනුම් දෙන බව පැවසුවාය.


Share

Published

By Madhura Seneviratne
Source: AAP

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඔස්ට්‍රේලියාවේ ඉහළ යන නිවාස කුලිය හමුවේ කුලී සහන දීමනාව ඉහළ දැමීම මධ්‍යම රජය ප්‍රතික්ෂේප කරයි | SBS Sinhala