SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු රූපවාහිනී නාලිකා වල දේශීය වැඩසටහන් පිළිබඳ නීති වෙනස් කිරීමට දැවැන්ත රැළියක් අද මෙල්බන් නුවරින්.

Make It Australian campaign
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියානු රූපවාහිනී  නාලිකා වල දේශීය වැඩසටහන් සහ චිත්‍රපට පිළිබඳ පවතින නීති වෙනස් නොකළ හොත් ඒවා අභාවයට යාමේ අවදානමක් පවතින බව ඔස්ට්‍රේලියානු සිනමා හා රූපවාහිනී ආයතන පවසයි.

මේ සම්බන්ධයෙන් වන ප්‍රචාරක ව්‍යාපෘතියක් Make It Australian  නමින්  අද පස්වරු 3 ට මෙල්බන් නුවර Federation Square හිදී ආරම්භ කිරීමට නියමිත අතර ඉන් අනතුරුව එය Sydney, Brisbane, Adelaide, Perth සහ Hobart නුවර වලද ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඔස්ට්‍රේලියානු රූපවාහිනී  නාලිකා වල දේශීය වැඩසටහන් සහ චිත්‍රපට පිළිබඳ පවතින නීති වෙනස් කරන ලෙස මෙම ප්‍රචාරක ව්‍යාපාරය හරහා ඉල්ලීමට අපේක්ෂා කරන බව වාර්තා වේ.

නොමිළයේ නැරඹිය හැකි වානිජමය රූපවාහිනී නාලිකා වල විකාශය වන වාර්ෂික වැඩසටහන් වලින් 55% අන්තර්ගතය දේශීයව නිෂ්පාදනය කෙරෙන වැඩසටහන් විය යුතු බවත් මෙම නීතියම ඩිජිටල් මාධ්‍යයෙන් ක්‍රියාත්මක වන සේවා සඳහාද බල පැවැත්විය යුතු බවත් ඔවුන් ඉල්ලා සිටියි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now