SKIP TO MAIN CONTENT

JobKeeper දීමනාව ලබාදීමට නියම කරගත් දින වකවානු වල කිසිදු වෙනසක් නොවන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අවධාරණය කරයි

Australian Prime Minister Scott Morrison reacts during House of Representatives Question Time at Parliament House in Canberra, Wednesday, April 8, 2020. (AAP Image/Lukas Coch) NO ARCHIVING
Australian Prime Minister Scott Morrison reacts during House of Representatives Question Time at Parliament House Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

කොරෝනා වසංගතය හේතුවෙන් රැකියා සහ ආදායම් අහිමිවූවන්ට පිරිනමන JobKeeper වැටුප් සහන දීමනාව ලබාදීම  තවදුරටත් දීර්ග කළ යුතු බව ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ අධිපති Phillip Lowe පවසයි.

ඉතා අවම ආර්ථික ක්‍රියාකාරකම් සිදුවන මෙම වකවානුවේදී JobKeeper වැටුප් සහන දීමනාව කලින් නොනවත්වා දීර්ග කිරීම ඉතා වැදගත් බව ඔහු ඊයේ (28/05) සෙනට් කමිටුව හමුවේ පැවසීය.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය දැනුම් දී ඇති පරිදි JobKeeper වැටුප් සහන දීමනාව එළඹෙන සැප්තැම්බර් මාසයෙන් අවසන් කෙරේ.

කෙසේවෙතත්, JobKeeper දීමනාව ලබාදීම පිළිබඳ මධ්‍යම රජය නියම කරගත් දින වකවානු වල කිසිදු වෙනසක් නොවන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt  පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now