SKIP TO MAIN CONTENT

නිවසින් බැහැරව යන සෑම විටම මුහුණු ආවරණ පළඳින ලෙසට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් නිර්දේශයක්

The Australian government recommends wearing face masks when leaving home
The Australian government recommends wearing face masks when leaving home Source: Getty Image

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

සමස්ත ඕස්ට්‍රේලියාවෙන් වාර්තාවන කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව 10,000 ඉක්මවයි.

මේ වනවිට කොරෝනා වයිරස ව්‍යාප්ති මර්මස්ථාන ලෙසට හඳුනාගෙන ඇති නගරසභා වල සිටින ජනතාවට නිවසින් බැහැරට යන සෑම විටම මුහුණු ආවරණ පළඳින ලෙසට මධ්‍යම රජය අවධාරණ කර සිටි.

කොරෝනා වයිරස ව්‍යාප්තිය මර්දනය සඳහා මේවන විට අනුගමනය කලයුතු සෞඛ්‍ය නිර්දේශ සියල්ලම අනුගමනය කිරීම ජනතා වගකීම බව මධ්‍යම රජයේ උප ප්‍රධාන වෛද්‍ය නිලධාරී , මහාචාර්ය මයිකල් කිඩ් පවසා සිටි.

මේ අතර ඊයේ දිනය (15/07) තුල වික්ටෝරියා ප්‍රාන්තයෙන් තවත් කොරෝනා මරණ දෙකක් වාර්තා විය.

ඒ වයස අවුරුදු 80 දශකයේ පසුවන කාන්තාවක සහ පුරුෂයෙකු වන අතර එම මරණ දෙක සමඟින් වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 27ක් දක්වා ඉහල නැග ඇත.

මේවන විට සමස්ත ඔස්ට්‍රේලියාවේම සිදුව ඇති Covid 19 මරණ සංඛ්‍යාව 111කි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now