SKIP TO MAIN CONTENT

COVID 19 update 19 August: කොවිඩ් වසංගතය තවම අවසන් නැති බවට ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය ඇමතිගෙන් සිහි කැඳවීමක්

2022 අගෝස්තු 19 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

CORONAVIRUS COVID19
Passengers wearing face masks at Southern Cross Station in Melbourne. (file) Source: AAP / JOEL CARRETT/AAPIMAGE

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS



Skip to article content

Highlights

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 73 ක් වාර්තා වී ඇති අතර වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 27 ක්ද, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 22 ක්ද, ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 14 ක්ද ඊට ඇතුළත් වේ.

මේ සතියේ ඔස්ට්‍රේලියාවේ මුළු COVID-19 මරණ 13,000 සීමාව ඉක්මවා ගියේය. කොවිඩ් වසංගතය ආරම්භ වූ දා සිට මේ දක්වා ඔස්ට්‍රේලියාවේ COVID මරණ 13,229 ක් වාර්තා වී තිබේ.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.

වත්මන් Omicron සහ flu රැලි ඉක්මනින් ඉහළ ගියද රෝහල් පද්ධතිය තවමත් සැලකිය යුතු ව්‍යුහාත්මක පීඩනයකට මුහුණ දෙන බව සෞඛ්‍ය අමාත්‍ය Mark Butler, ABC ගුවන් විදුලියට පැවසීය.

වසංගතය අවසන් වී නැති බවත්, COVID-19, fluවැනි සෘතුමය වෛරසයක් බවට පත් වී නැති බවත් ඔහු පැවසීය.

මේ අතර සෞඛ්‍ය හා Aged Care දෙපාර්තමේන්තුව ළමුන් තුළ වයිරස් ආසාදන වළක්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳව පවුල්වලට මතක් කිරීම සඳහා නව ගීතයක් (I Got You) නිකුත් කර ඇත.

එළඹෙන සෙනසුරාදා, උදේ 10 සිට සවස 4.30 දක්වා, දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත වැසියන්ට ඔවුන්ගේ COVID-19 එන්නත සහ බූස්ටර් මාත්‍රාව East Adelaide පාසල, Whitefriars කතෝලික පාසල, Berri ප්‍රාථමික පාසල, Pooraka ප්‍රාථමික පාසල සහ Magill ප්‍රාථමික පාසලෙන් ලබා ගත හැකිය.

අගෝස්තු 14 න් අවසන් සතිය සඳහා ගෝලීය COVID-19 රෝගීන්ගේ 24% ක අඩුවීමක් සිදුවී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සිය නවතම වාර්තාවේ සඳහන් කර ඇත.

ඔස්ට්‍රේලියාව, ජපානය සහ කොරියාව ඇතුළත් බටහිර පැසිෆික් කලාපයේ කොවිඩ් රෝගීන් 18% කින් අඩු වී ඇත.

කොරියාව, ඇමෙරිකා එක්සත් ජනපදය, ජර්මනිය සහ ඉතාලිය අගෝස්තු 14 න් අවසන් වූ සතිය සඳහා ගෝලීය වශයෙන් වැඩිම කොවිඩ් රෝගීන් වාර්තා කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය දැනට Omicron හි පෙළපත් 200 ක් පමණ නිරීක්ෂණය කරයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now