SKIP TO MAIN CONTENT

Apple, Microsoft සහ Google සමාගම් සඳහා ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය නියෝග පණවයි.

ATO has reportedly billed seven large multinational companies.
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඩොලර් බිලියන තුනක පමණවූ බදු ගෙවීම පැහැර හැර ඇති බහු ජාතික සමාගම් 7 කට එම බදු වහා ගෙවන ලෙස ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය විසින් නියෝග නිකුත් කර තිබේ.

ලොව ප්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගම් වන Apple, Microsoft සහ Google මෙන්ම පතල් කර්මාන්තයේ දැවැන්තයින් වන Rio Tinto සහ B-H-P සමාගම් වෙත මෙම නියෝගය නිකුත් කර ඇත.

එළඹෙන මැයි 03 වන දින ඉදිරිපත් කිරීමට නියමිත අය වැයට මසක් පමණ තිබියදී ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය මෙලෙස නොගෙවූ බදු එකතු කිරීමට සැරසේ.

ඔස්ට්‍රේලියානු රජය සමාගම් බදු කප්පාදු කිරීමට සැරසෙන්නේ බදු ගෙවීම පැහැර හරින මෙවැනි සමාගම් සඳහා උපකාරයක් ලෙස බව කම්කරු පක්ෂයේ මුල්‍ය කටයුතු පිළිබඳ නියෝජිත Jim Chalmers, Sky පුවත් සේවයට පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now