SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ cash in hand ගෙවන කොන්ත්‍රාත්කරුවන්ට ATO වෙතින් නව අනතුරු ඇඟවීමක් (SBS සිංහල/ වාර්තා)

ආදායම් බදු ගෙවීමෙන් වැළකීම සඳහා අත්පිට මුදලින් වැටුප් ගෙවීම බරපතල ක්‍රියාවක් ලෙස ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය විස්තර කරයි.

The Australian Taxation Office issues a fresh warning to cash-paying dodgy contractors
The Australian Taxation Office issues a fresh warning to cash-paying dodgy contractors Source: ABC Australia

3 min read

Published

By Madhura Seneviratne

Source: SBS


Skip to article content

Key Points

  • අත්පිට මුදලින් වැටුප් ගෙවීම බහුලව සිදුකරමින් නියමිත ආදායම් බදු ගෙවීම පැහැර හරින ක්ෂේත්‍ර ලෙස ක්ෂේත්‍ර කිහිපයක් බදු කාර්යාලයේ ඇසට හසුවී තිබේ.
  • ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය මෙම ව්‍යාපාරවලට ඔවුන්ගේ කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීම් නියම කරමින් අගෝස්තු 28 වන විට බදු කාර්යාලය වෙත TPAR එකක් ගොනු කළ යුතු බව සිහිපත් කර දෙයි.
  • TPAR ගොනු කිරීමට අපොහොසත් වන ව්‍යාපාර හඳුනා ගැනීමට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය සතුව නවීන දත්ත සහ විශ්ලේෂණ ක්‍රම ඇති බවද වාර්තා වේ.

ඔස්ට්‍රේලියාවේ වැටුප් අත්පිට මුදල් ලෙස ගෙවන (Paying cash in hand) කොන්ත්‍රාත්කරුවන් හට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය නව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

ආදායම් බදු ගෙවීමෙන් වැළකීම සඳහා අත්පිට මුදලින් වැටුප් ගෙවීම බරපතල ක්‍රියාවක් ලෙස ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය විස්තර කරයි.

කෙසේ වෙතත්, බදු ගෙවිය හැකි ගෙවීම් වාර්තා කිරීමේ පද්ධතිය (TPRS) ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයට මෙම ක්‍රියාකාරකම් විමර්ශනය කිරීමට ඉඩ සලසයි.

කොන්ත්‍රාත්කරුවන් 950,000 කට ඩොලර් බිලියන 350 ක පමණ සිදුකළ ගෙවීම් පසුගිය මූල්‍ය වර්ෂයේ ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය වෙත වාර්තා විය.

ඊට අමතරව ව්‍යාපාර 270,000 කට වඩා වැඩි ප්‍රමාණයක් 2021-22 වසර සඳහා බදු ගෙවිය හැකි වාර්ෂික වාර්තාවක් (TPAR) සම්පූර්ණ කරනු ඇතැයි බදු කාර්යාලය අපේක්ෂා කරයි.

The Australian Taxation Office issues a fresh warning to cash-paying dodgy contractors
Source: AAP

වැඩි අවධානයක් යොමු කර ඇති ව්‍යාපාර ක්ෂේත්‍ර

අත්පිට මුදලින් වැටුප් ගෙවීම බහුලව සිදුකරමින් නියමිත ආදායම් බදු ගෙවීම පැහැර හරින ක්ෂේත්‍ර ලෙස ක්ෂේත්‍ර කිහිපයක් බදු කාර්යාලයේ ඇසට හසුවී තිබේ.

එහිදී බදු කාර්යාලයේ බදු ගෙවිය හැකි ගෙවීම් වාර්තා කිරීමේ පද්ධතිය (TPRS) හරහා පහත සඳහන් ව්‍යාපාර ක්ෂේත්‍ර නිරීක්ෂණය කරයි.

  • ගොඩනැගිලි සහ ඉදිකිරීම් කර්මාන්තයේ ව්‍යාපාර
  • පිරිසිදු කිරීමේ සේවාවන් සපයන ව්‍යාපාර (cleaning businesses)
  • courier සේවාවන්
  • Road freight හෙවත් මාර්ග භාණ්ඩ ප්‍රවාහන සේවා
  • තොරතුරු තාක්ෂණය සහ ආරක්ෂක සේවා
  • surveillance සේවා

ඉහත සේවා සපයන උප කොන්ත්‍රාත්කරුවන්ට අත්පිට මුදලින් ගෙවීම් සිදුකර ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බව බදු කාර්යාලය පවසයි.

ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය මෙම ව්‍යාපාරවලට ඔවුන්ගේ කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීම් නියම කරමින් අගෝස්තු 28 වන විට බදු කාර්යාලය වෙත TPAR එකක් ගොනු කළ යුතු බව සිහිපත් කර දෙයි.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store 

හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.———————————————————————————

TPAR යනු ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ උපක්‍රම ලයිස්තුවේ එක් මෙවලමක් පමණක් වන අතර, වසරකට ඩොලර් බිලියන 11 ක හිඟ බදු අඩු කිරීමට සහ එම ව්‍යාපාරවලට සහ කොන්ත්‍රාත්කරුවන්ට නිවැරදි දේ කිරීම සඳහා සාධාරණ ලෙස කටයුතු කිරීමට එය උපකාරී වන බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ සහකාර කොමසාරිස් Peter Holt පැවසුවේය.

TPAR ගොනු කිරීමට අපොහොසත් වන ව්‍යාපාර හඳුනා ගැනීමට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය සතුව නවීන දත්ත සහ විශ්ලේෂණ ක්‍රම ඇති බවද වාර්තා වේ.

කොන්ත්‍රාත්කරුවන්ට සිදුකරන ගෙවීම් වාර්තා නොකිරීම බරපතල ක්‍රියාවක් ලෙස විස්තර කළ හැකි අතර එහිදී ඔබේම කටයුතු මෙන්ම ඔබේ කොන්ත්‍රාත්කරුවන්ගේ කටයුතු පිළිබඳව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය වඩාත් සමීප විමර්ශනයක් සිදු කරනු ඇත.

ඔබේ කොන්ත්‍රාත්කරුවන්ගේ ගෙවීම් හෙළි නොකිරීමෙන් ඔවුන්ට උදව් කිරීමට උත්සාහ කිරීම ඔබ කෙරෙහි ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ විශේෂ අවධානයක් යොමු කරගැනීමට මාර්ගය සකසා ගැනීමක් බව ද ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ සහකාර කොමසාරිස් Peter Holt පැවසුවේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now