ඔස්ට්‍රේලියාව තුල මිලියනයක් පමණ ජනයා ස්වෙච්චා සේවයේ යෙදෙනවා.
ඊජිප්තුවේ සිට ඔස්ට්‍රේලියානුවට සන්ක්රමනිකයෙකු ලෙස පැමිණි Zahran පවසන්නේ ඔහු නොමිලේ ආහාර සපයන වැඩසටහනකට සම්බන්ධ වීම තුලින් අනෙක් පුද්ගලයන්ට සේවය කොට තෘප්තියක් ලැබෙන බවයි

ඔස්ට්‍රේලියාව තුල ආයතන 10000ක් පමණ ස්වෙච්චා සේවා සදහා අවස්ථා ලබා දෙනවා . එසේම ස්වෙච්චා සේවා වලට සම්බන්ධ වීමෙන් ඕස්ට්‍රේලියාවේ සමාජය කටයුතු කරන ආකාරය හඳුනා ගැනීමට හොඳ අවස්තාවක් බවත් නව සංක්‍රමණිකයන් පවසනවා.

එසේම ස්වෙච්චා සේවා වලට සම්බන්ධ වීමෙන් බොහෝ නව සංක්‍රමණිකයන්ට රැකියා ලබා ගැනීම සදහා පුහුණුවක්, කුසලතා වර්ධනයට අවස්තාවක් ද ලැබේ. එසේම ඔබේ ඉංග්‍රීසි භාෂා දැනුම ඊට ගැටළුවක් වේ නම් ඒ සදහා ද විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වේ

ඔස්ට්‍රේලියාව තුල ස්වෙච්චා සේවකයන් ප්‍රෂන්ශාත්මකව අගයන අතර , වසර 2014 දී ඔස්ට්‍රේලියානුවන්ගෙන් 31% ක් ම ස්වෙච්චා සේවයේ යෙදී ඇති අතර එය වසර 2010 36% ක් විය .
මැයි 20-26 සිට ස්වෙච්චා සේවය පිලිබදව ඔස්ට්‍රේලියාව තුල සැමරීමේ සතිය ලෙසට නම් කර ඇත්තේ ඒ නිසා
ඔබටත් ස්වෙච්චා සේවය පිලිබදව තොරතුරු පහත වෙබ් අඩවියෙන් ලබා ගන්න
Volunteering Australia website.


