SKIP TO MAIN CONTENT

මිනිත්තු 4න් මගීන් 62කට මරු කැඳවු ඉන්දුනීසියා ගුවන්යානයේ කලු පෙට්ටිය සොයා ගනී

Indonesian rescuers and Disaster Victim Identification police officers sort through the suspected debris of Sriwijaya Air flight SJ182.
Source: AAP

1 min read

Published

By Nipuna Dodangoda


Skip to article content

පසුගිය සෙනසුරාදා දින ජාවා මුහුදට කඩා වැටුණු මගී ගුවන් යානයේ කලු පෙට්ටිය සොයාගැනීමට සහන කණ්ඩායම් සමත්ව තිබේ.

Boeing 737-500 වර්ගයේ මෙම මගී ගුවන් යානය Jakarta ගුවන් තොටුපළෙන් ගුවන් ගතවී මිනිත්තු 4ක කාලයක් ඇතුලත අනතුරට පත්ව තිබේ. අනතුරට පත්වන අවස්ථාවේ යානය තුල කුඩා දරුවන් කාර්යමණ්ඩලය ඇතුලු මගීන් 62නෙකු ගමන් කොට ඇති බව වාර්තා වේ.

මෙම අනතුරට හේතුව සොයාගත් යානයේ කලු පෙට්ටිය ඔස්සේ අනාවරණය කරගැනීමට හැකිවනු ඇති බව සහන කාණ්ඩයම් සඳහන් කරයි. මේ වන විට යානය අනතුරට පත් වූ ප්‍රදේශයෙන් ශරීර කොටස් සහ යානයේ සුන් බුන් හමු වී ඇති බවද වාර්තා වේ.

ඉන්දුනීසියානු ජනාධිපතිවරයා වන Joko Widodo අනතුරට පත් වුවන්ගේ පවුල් සඳහා සිය කණගාටුව ප්‍රකාශ කොට ඇති අතර අනතුර සම්බන්ධයෙන් ජාතික පරීක්ෂණයක් ආරම්භ කිරීමටද ඔහු පියවර ගෙන තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now