SKIP TO MAIN CONTENT

වික්ටෝරියා ප්‍රාන්තයේ උෂ්ණත්වය අද දිනයේ සෙල්සියස් අංශක 44 දක්වා ඉහළට

Various parts of Victoria are expected to see temperatures of over 40 degrees in the weekend
Source: Department of health

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාව පුරාම ඇතිවෙමින් පවතින තාප තරංග තත්ත්වය හේතුවෙන් අද දිනයේදී වික්ටෝරියා ප්‍රාන්තයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 44 දක්වා ඉහළ නගිනු ඇතැයි කාලගුණ විද්‍යා කාර්යාංශය අනතුරු අඟවයි.

වික්ටෝරියා ප්‍රාන්තයේ උෂ්ණත්වය එසේ සෙල්සියස් අංශක 44 දක්වා ඉහළ නැගතොත් එය පසුගිය වසර 143 ඇතුළත වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තාවූ අධිකතම උෂ්ණත්වය ලෙසද වාර්තා වේ.

මේ වන විට එම වාර්තාව සෙල්සියස් අංශක 43.7 ක් ලෙස සටහන් වෙයි.

මෙම අධික උෂ්ණත්වය සහිත කාලගුණය නිසා වික්ටෝරියා ප්‍රාන්තය පුරාවටම total fire ban තත්ත්වයක් හෙවත් එළිමහනේ ගිනි ඇවිලීම සම්පූර්ණනයෙන් තහනම් තත්ත්වයක් ප්‍රකාශ කොට ඇත.

අධික උෂ්ණත්වය හේතුවෙන් ඇතිවීමට හැකි හදිසි තත්ත්ව සඳහා මුහුණ දීමට වික්ටෝරියා ප්‍රාන්තයේ හදිසි සේවා අංශ මේ වන විට සීරුවෙන් පසුවන බවද වාර්තා වේ.

මෙම තත්ත්වය යටතේ ඇතිවිය හැකි ගිනි ගැනීම් පිළිබද වික්ටෝරියා ප්‍රාන්තයේ හදිසි සේවා කළමනාකාරණ කොමසාරිස් Andrew Crisp මෙසේ අදහස් දැක්වුවේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now