ඔබගේ දේශීය සහ ජාත්‍යන්තර සංචාර සඳහා, ලාබෙට ගුවන් ටිකට්පත් වෙන්කරවා ගන්න ක්‍රම සහ දින මෙන්න

ඔබට ජාත්‍යන්තර හෝ දේශීය ගුවන් ගමන් සඳහා අඩු ගාස්තු ටිකට්පත් ලබා ගැනීමට අවශ්‍ය නම්, ඔබ ඔබේ ගමන් සැලසුම් කරගතයුතු දින වකවානු සම්බන්ධයෙන් නවතම පර්යේෂණ දත්ත යෝජනා කොට තිබේ.

People walking through the arrivals and departures hall of an airport. Some are wheeling suitcases.

Picking the right day to travel can help you save, research shows. Source: AAP / Esposito

ඕස්ට්‍රේලියානු සංචාරකයින් මේ වනවිට පවතින ජීවන පීඩනය සහ ඉහළ යන ගුවන් ගාස්තු පිලිබඳ නොතකා දිගු හා මිල අධික සංචාර සැලසුම් කරයි. නමුත් මෑත කාලීන දත්ත වලට අනුව ගුවන් ගමන් සඳහා වන ටිකට්පත් වෙන්කරවා ගැනීමේදී, අමතර මුදලක් ඉතිරි කරගැනීමට පහසු ක්‍රම පවතින බව සොයාගෙන තිබේ.

ගුවන් ගමන් සේවා සංසන්දනය කරන වෙබ් අඩවියක් වන Kayak වෙබ් අඩවිය මගින් සිදු කල නවතම පර්යේෂණයකින් හෙළිව ඇත්තේ ගුවන් ගමන් ටිකට්පත් වෙන්කරවා ගැනීමේදී මගීන්ගේ ගමන් දිනයන් නම්‍යශීලී නම් ඔවුනට මුදල් ඉතිරි කර ගත හැකි බවයි.

මෙය සංචාරකයින් සඳහා ශුභ ආරංචියක් වන අතර, මේ වනවිට ගුවන් ගමන් ගාස්තු ක්‍රමයෙන් ස්ථාවර තත්වයකට පත්වෙමින්ද පවතී.
Kayak මගින් online ඔස්සේ සිදු කරන ලද මෙම සමීක්ෂණය සඳහා ප්‍රතිචාර දැක්වූවන් 1,010 දෙනාගෙන් අඩක් දෙනා සිය සංචාර සඳහා වැඩි මුදලක් වියදම් කිරීමට සැලසුම් කල බව සඳහන් කල අතර, 45% ක් දෙනා ඔවුන් 2022 වසරේදී සිදු කළාට වඩා දිගු සංචාරයන් කිරීමට අදහස් කරන බව පවසා තිබේ.

ඉදිරි මාස 12ක කාලය තුළ ගුවන් ගමන් සිදු කිරීමට සැලසුම් කරන පිරිස සාමාන්‍යයෙන් ඩොලර් 8,000 ක් පමණ "ගමන් ගාස්තු" වශයෙන් පමණක් වියදම් කිරීමට අපේක්ෂා කරන බව සමීක්ෂණයෙන් සොයා ගෙන තිබේ. එමෙන්ම ප්‍රතිචාර දැක්වූවන්ගෙන් හතරෙන් එකක් ඔවුන්ගේ ගමන් වියදම් ඩොලර් 10,000 කට වඩා ඉහලවනු ඇතැයි අපේක්ෂා කොට තිබේ.

ඕස්ට්‍රේලියාව තුල මෙන්ම, උද්ධමනය ලෝකයේ සෙසු ඇතැම් රටවලද ඉහළ මට්ටමක පවතී, නමුත් ඇතැම් රටවල එය ක්‍රමයෙන් ලිහිල් වන බවට සලකුණු තිබේ.

පසුගිය ජුනි කාර්තුවේදී ජාත්‍යන්තර නිවාඩු ගමන් සහ නවාතැන් මිල ගණන් සියයට 6.2 කින් ඉහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නවතම කාර්තුමය උද්ධමන දත්ත පෙන්වා දෙයි.

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ මිලගණන් සම්බන්ධ සංඛ්‍යාලේඛන ප්‍රධානී Michelle Marquardt පවසා සිටියේ අග්නිදිග ආසියාවට සහ නවසීලන්තයට පැවති සංචාර මගින් ලබා තිබූ පාඩුව, යුරෝපීය නිවාඩු සඳහා පැවති ඉල්ලුමත් සමග අර්ධ වශයෙන් හිලව් වී ඇති බවයි.

ගුවන් ගමන් ටිකට්පත් වෙන්කරවාගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී, සංචාරය කිරීමට සිටින පුද්ගලයා ඒ සඳහා නිසි දිනයක් තෝරාගැනීම ඔස්සේ ඔවුනට මුදල් ඉතිරිකරගැනීමට හැකිවන බව Kayak වෙබ්අඩවිය පවසයි.

ඔවුන් සිදු කල පර්යේෂණ ඔස්සේ ඉදිරි මාස 12ක් කාලය සඳහා return, international economy fare හෙවත් ආපසු පැමිණීමේ ගුවන් ගමනක් සඳහා වන සාමාන්‍ය පිරිවැය සොයාගෙන ඇති අතර එය ඩොලර් 1,727 ක් වශයෙන් ඔවුන් සඳහන් කරයි.

මේ අනුව,

  • Return හෙවත් ආපසු පැමිණෙන විදේශ ගුවන් ගමන් සඳහා "සිකුරාදා" දිනය වඩාත්ම මිල අධික බව සොයාගෙන ඇති අතර එය සාමාන්‍යයෙන් ඩොලර් 1,740 ක් පමණ වේ.
  • දේශීය ගුවන් ගමන් සඳහා "බ්‍රහස්පතින්දා" දිනය වඩාත්ම මිල අධික බව සොයාගෙන එය සාමාන්‍යයෙන් ඩොලර් 390 ක් පමණ වේ.

මේ අනුව "සඳුදා" දිනයේදී ගුවන් ටිකට්පත් වෙන්කරවා ගන්නේ නම්, ජාත්‍යන්තර සංචාර සිදු කරන්නන් හට ඩොලර් 53 ක් සහ දේශීය ගුවන් ගමන් සිදු කරන්නන් හට ඩොලර් 18ක් ඉතිරිකරගත හැකි වේ.

මූල්‍ය සංසන්දනාත්මක කටයුතු සිදු කරන වෙබ් අඩවියක් වන Finder හි සංචාරක ප්‍රකාශකයෙකු වන Angus Kidman සඳහන් කොට සිටින්නේ සංචාරකයින්ට සාමාන්‍යයෙන් සතිය මැදදී ලාභදායී ගුවන් ගමන් ටිකට්පත් සොයා ගත හැකි බවයි.

නමුත් ඇතැම් දේශීය ගමනාන්ත සඳහා පවතින අභ්‍යන්තර ගුවන් ගමන් සේවා සඳුදා දහවල් සහ සවස් කාලයේ පමණක් ලාභදායි බව ඔහු පවසයි.

එමෙන්ම Angus සඳහන් කොට සිටින්නේ කාර්ය බහුල නොවන කාලවලදී ගුවන් ගමන් සිදු කිරීමට ටිකට්පත් වෙන්කරවාගැනීමෙන් තවත් මුදල් ඉතිරි කර ගැනීමේ හැකියාව පවතින බවයි.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


———————————————————————————

පාසල් නිවාඩු කාලය තුළ සංචාරය කිරීමෙන් වැළකී සිටීම සහ ඔබ ගමන් ගන්නා ප්‍රදේශයේ ඒ වනවිට තිබෙන වැඩි ඉල්ලුම සොයා බලන ලෙසත් Angus කියා සිටී.

ඔහු වැඩිදුරටත් පවසන්නේ බොහෝ විට මිල අඩු ගුවන් ගමන් මධ්‍යම රාත්‍රිය හෝ අලුයම 1 වැනි අඩු පහසුවක් සහිත වේලාවන්හි පවතින බවයි.

ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා "හැකි ඉක්මනින්" තම ටිකට්පත් වෙන්කරවාගැනීම සහ දේශීය සංචාර සඳහා "වැඩි නම්‍යශීලී බවක්" තිබීම වාසි සහගත වේ.

එමෙන්ම දේශීය ගුවන් ගමන් සඳහා මාස කිහිපයකට පෙර තම ටිකට්පත් වෙන්කරවාගැනීම වාසි සහගත වන අතර සංචාරය කරන දිනට ආසන්නව වෙන් කරවාගැනීමක් සිදු කළහොත් ඔබට වැඩි මුදලක් ගෙවීමට සිදු වේ. නමුත් ඇතැම් අවස්ථාවලදී, අවසන් මොහොතේ සිදු කරන ටිකට්පත් වෙන්කරවාගැනීම්ද ඉතා ලාභදායි විය හැක.
Qantas and Virgin Australia planes on the tarmac at an airport.
In August, Qantas said international airfares had risen by 10 per cent when adjusted for inflation, while Virgin Australia said they were 50 per cent above pre-COVID levels. Source: AAP / Mark Baker/AP
ගුවන් ගමන් සංසන්දනය කරන වෙබ්අඩවි ලාභදායී ගුවන් ගමන් වාර හඳුනා ගැනීමට ප්‍රයෝජනවත් මෙවලමක් වේ. නමුත් තම ටිකට්පත් සෘජුවම ගුවන් සමාගම හරහා වෙන්කරවා ගැනීම නිර්දේශ කරන බව Angus පවසයි.

Qantas සමගම අගෝස්තු මස සඳහන් කොට සිටියේ ජාත්‍යන්තර ගුවන් ගමන් ගාස්තු 10%කින් සහ දේශීය ගුවන් ගමන් ගාස්තු 4%කින් ඉහළ ගොස් ඇති බවයි.

එමෙන්ම එම මාසය තුල Virgin Australia සමාගම පූර්ව COVID තත්වයට වඩා 50% ක් පමණ ඉහල අගයක සිටින බව එහි ප්‍රධාන විධායක නිලධාරී Jayne Hrdlicka පැවසීය.

COVID-19 හේතුවෙන් දේශසීමා වසා දැමීම නිසා ගැටළු මතු වූ ගුවන් සේවා ධාරිතාව, යථා තත්ත්වයට පත් කිරීමේ කාර්යය මධ්‍යයේ ගුවන් ගමන් සඳහා ඉහළ ඉල්ලුමක් පැවතීම ටිකට්පත් මිල ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී ඇති බව විශේෂඥයින් පවසයි.

Kayak වෙබ්අඩවිය සැප්තැම්බර් මස මුලදී නිකුත් කරන ලද මෙම නව පර්යේෂණ වාර්තා වලට අනුව ජාත්‍යන්තර ගුවන් ගමනක සාමාන්‍ය මිල වසරින් වසර 2% කින් ඉහළ ගොස් ඇති බව පෙනී ගොස් තිබේ. එමෙන්ම සාමාන්‍ය දේශීය ගුවන් ගමන් වසරින් වසර ක්‍රමයෙන් 7% කින් ඉහළ ගොස් තිබේ.

පසුගිය වසර අවසානයේ සහ මෙම වසර මුලදී පැවති ඉතා ඉහල ගුවන් ටිකට්පත් මිලගණන් මේ වනතෙක් යථා තත්වයට පත්ව නොමැති බවත්, ලබන වසරේ මැද භාගය වන තෙක් මෙම මිල තරඟය යලි උණුසුම් නොවනු ඇති බවත් Finder හි සංචාරක ප්‍රකාශක Angus Kidman පවසයි.

Share

Published

By David Aidone, Nipuna Dodangoda
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service