වසා දමා තිබූ Northern Territory සීමා හෙට විවෘත කෙරේ. වික්ටෝරියානුවන් ට සහ සිඩ්නි Metropolitan කලාප වැසියන්ට තද නීති

The closed Northern Territory borders will be reopened tomorrow

The closed Northern Territory borders will be reopened tomorrow Source: AAP

කොරෝනා හේතුවෙන් වසා දමා තිබු තම ටෙරටරි දේශසීමා හෙට දිනයේදී (17/07) විවෘත කිරීමට නියමිත බව නොදර්න් ටෙරටරි රජය පවසයි.

එහෙත් වික්ටෝරියානු වැසියන්ට සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි metropolitan කලාපයට අයත් නගරසභා 30 ක වැසියනට, නොදර්න් ටෙරටරියට ඇතුළුවීමේදී දැඩි නිරෝධායන නීති අනුගමනය කරන බව නොදර්න් ටෙරටරියෙහි ප්‍රධාන අමාත්‍ය මයිකල් ගනර් වැඩිදුරටත් පවසා සිටී.

ඒ අනුව වික්ටෝරියා ප්‍රාන්ත වැසියෙකු හෝ සිඩ්නි metropolitan කලාපයේ නම්කරනු ලැබ ඇති නගරසභා 30ට අයත් ප්‍රදේශයක වැසියෙකු හෝ, පසුගිය දින 14 ඇතුලත මෙම අවදානම් කලාප වල සංචාරය කොට ඇති වෙනත් ප්‍රාන්ත වැසියෙකු හෝ නොදර්න් ටෙරටරියට ඇතුළු වීමේදී, බලධාරීන්ගේ අධීක්ෂණයට යටත් අනිවාර්ය නිරෝධයනයකට යටත්විය යුතුය.

එසේම ඒ සඳහා වන හෝටල් නිරෝධායනය වෙනුවෙන් ඩොලර් 2500 ක ගාස්තුවක් ද අයකෙරේ.


1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now