ගංවතුර සහ සුළි සුළං වැනි ආපදා තත්ත්ව වලදී නිවෙස්වල අනුගමනය කළ හැකි ආරක්ෂාකාරී පියවර. (SBS සිංහල/ වාර්තා)

සෙන්ටි මීටර් 15ක පමණ වේගයකින් ගමන් කරන ජලයට මිනිසෙකු ඇද වැටීමට හැකි අතර සෙන්ටි මීටර් 30ක පමණ වේගයකින් ගමන් කරන ජලයට කුඩා මෝටර් රථයක් ගසා ගෙන යාමට හැකිය.

FLOOD SAFETY TIPS

Source: Shutterstock

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකම මේ වන විට ගංවතුර සහ සුළි සුළං වැනි ස්වභාවික විපත් හටගෙන තිබේ. එනිසාම SBS සිංහල, එවැනි තත්වයකදී අනුගමනය කළ හැකි ආරක්‍ෂිත පියවර සහ පූර්වෝපාය ක්‍රම පිළිබඳ සටහනක් ගෙන එන්නට අදහස් කළෙමු. 

ගංවතුර සහ සුළි සුළං තත්ත්වයන් සඳහා සූදානම් වීමේදී නිවසේදීම අනුගමනය කළ හැකි ප්‍රධාන පියවරයන් 4ක් පහත පරිදි වේ.

1. විදුලි පන්දමක්, ආහාර ටිකක්, ප්‍රථමාධාර කට්ටලයක්, පානීය ජලය, බ්ලැන්කට්, අමතර ඇඳුම් සහ ශරීර කෘත්‍යන් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ඇතුළත් හදිසි කට්ටලයක් (emergency kit) සූදනම් කර තැබීම.

2. නැවත ලබාගත නොහැකි දේවල ලැයිස්තුවක් සකස් කර  වැදගත්වූ පුද්ගලික ලිපි ලේඛණ සීල් කළ බෑගයකට දැමීම.

3. ඔබට කාලය ඇත්නම් ඔබ නිවස හැර යාමට පෙර ඡායාරූප කිහිපයක් ගන්න. එය පසුව රක්ෂණ මුදල් ලබාගැනීමට පහසු වනු ඇත.

4. ප්‍රධාන විදුලිය සැපයුම් සහ ජල සැපයුම් ස්විචයන් ක්‍රියා විරහිත කර සියලු ජංගම දුරකතන සහ චාර්ජර රැගෙන යන්න. මල අප ද්‍රව්‍ය පිටාර නොගැලීමට වැසිකිලි කොමඩ් එක තුළට වැලි කොට්ට දමන්න.

අධික වේගයෙන් වර්ෂාව ඔබේ දෙසට පැමිණීමේදී හෝ ජලය පසුබාන විට විදුලියෙන් ආරක්ෂා වීමට ඔබ මනා විමසිල්ලෙන් සිටිය යුතුය. ඔබ කොතැනක සිටයත් විදුලිය සඳහා ගංවතුර ආරක්ෂණ පූර්වෝපායන් දැන සිටීම සැමටම වැදගත්ය.

1. අතිශය පරීක්ෂාකාරී වන්න.

ගංවතුර තත්ත්වයක් යටතේ සෑම විදුලිය අංගයක් පිළිබඳවම පරීක්ෂාකාරී වන්න.  විදුලිය උපකරණ, විදුලිය රැහැන්, වයර් හෝ විදුලි පේනු ඇතුළු සෑම විදුලිය අංගයක්ම භයානක විය හැකිය.

2. විදුලිය උපකරණ ඉහළින් තබන්න.

ගංවතුර ඇතිවීමට පෙර සෑම විදුලිය උපකරණයක්ම සැලකිය යුතු උසකින් තබන්නට හැකිනම් තබන්න. මෙම ක්‍රියාව මගින් ඒවා ජලයත් සමග ගැටීම වළක්වනු ඇත. ඔබට එය කිරීමට අපහසුනම් සෑම විදුලිය උපකරණයක්ම ක්‍රියා විරහිත කර සම්බන්ධතාව විසන්ධි කරන්න.

3. තෙතමනය සහිත උපකරණ භාවිත නොකරන්න.

මෙය සෘජුවම ඔබට වැටහෙන නමුත් මිනිසුන් හැඟුම් බර වූ විට මෙවැනි දේ අමතක වේ.

4. නැවත නැවත පරීක්ෂා කරන්න.

ගංවතුර තත්වයක් මත ඔබ ඔබේ නිවස හෝ ව්‍යාපාරික ස්ථානය හැර ගිය පසු නැවත ඇතුල් වීමට පෙර සියලු විදුලිය සම්බන්ධතා විසන්ධි කර ඇත්දැයි පරීක්ෂා කර බලන්න.

5. විදුලිය මීටර් පෙට්ටිය.

මීටර් පෙට්ටියේ පියන විවෘත කිරීමට ඔබේ ශරීරයේ කිසිඳු කොටසක් භාවිත නොකරන්න. සන්නායක නොවන ලීයක් වැනි යමක් ඒ සඳහා යොදාගැනීමට සැළකිලිමත් වන්න.

6. මාර්ග සංඥා සඳහා කීකරු වන්න.

සෙන්ටි මීටර් 15ක පමණ වේගයකින් ගමන් කරන ජලයට මිනිසෙකු ඇද වැටීමට හැකි අතර සෙන්ටි මීටර් 30ක පමණ වේගයකින් ගමන් කරන ජලයට කුඩා මෝටර් රථයක් ගසා ගෙන යාමට හැකිය. එය සෙන්ටි මීටර් 60ක් වුවහොත් සෑම වාහනයක්ම ගසා ගෙන යනු ඇත. ගංවතුර තත්ත්වයක් යටතේ රිය පැදවීම හෝ ගමන් කිරීම කිසි විටෙකත් ආරක්ෂාකාරී නොවේ.

ගංවතුර හෝ සුළි සුළං තත්වයන් පහව ගිය පසු විදුලිය බිඳ වැටීම සුලබව සිදු වන දෙයකි. මීට අමතරව සන්නිවේදන කටයුතුද බිඳ වැටීමට ඉඩ තිබේ.

ස්වභාවික ආපදා තත්ත්වයකින් පසුව සූදානම් වීමේ උපාය මාර්ග කිහිපයක් පහත පරිදි වේ.

  • කුඩා විදුලි ජනක යන්ත්‍රයක් සඳහා ආයෝජනය කරන්න. එමගින් ඔබගේ ජංගම දුරකථනය චාර්ජ් කර ගැනීමට හැකි වන අතර ශීතකරණයද පණ ගැන්වීමට හැකි වේ. එයින් ඔබට ආහාර ප්‍රශ්නය විසඳා ගත හැකිය.
  • ඔබේ මෝටර් රථයේ ඉන්ධන ටැංකිය පුරවා තබන්න. මන්ද ඉන්ධන පිරවුම්හල් සුළි සුළං තත්වයෙන් පසු වසා දැමීමට ඉඩ ඇත.
  • අමතර මුදල් ප්‍රමාණයක් අතේ තබා ගන්න. මන්ද ATM යන්ත්‍ර සහ බැංකු එම කාලෙයේ විවෘත නොකිරීමට ඉඩ ඇත. 

3 min read

Published

Updated

By Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now