ඉන්දිනිසියාවේ ලැම්බොක් දුපතේ සිදුවූ ප්‍රභල භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 98 දක්වා ඉහල නගී. ඉහල සංචාරක ආකර්ෂණයක් ඇති මෙම දුපතේ පසුගිය ඉරිදා ඇතිවුණු භූ කම්පනය රිච්ටර් මපාංකයේ 6.9ක් ලෙසට සටහන්ව තිබිණ. ප්‍රශ්න භූ කම්පනයෙන් අනතරුව පසුකම්පන 120 ක් පමණ සිදුව ඇති බවද වාර්තා වේ. මෙම භූ කම්පන හේතුවෙන් තුවාල ලබා ඇති සංඛ්‍යාව මේවන විට 236 ක් ලෙසට වාර්තා වෙයි.
දුපතේ සිටින සංචාරකයින් ඉවත්කරලිම සඳහා අතිරේක ගුවන් යානා යොදවා ඇති බවද සඳහන්.
මේ අතර මෙම සිදුවීමෙන් කිසිඳු ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු ආපදාවට ලක්ව නොමැති බවත් , මෙය යථා තත්වයට පත්කිරීමට අවශ්‍ය උපකාර ඉන්දිනිසියාව වෙත ලබාදීම සිදුවන බවත් ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් ප්‍රකාශ කොට සිටි.

