SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත් වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කෙරේ

pfizer vaccine
Source: Artur Widak/NurPhoto via Getty Images

1 min read

Published

By Nipuna Dodangoda


Skip to article content

ඔස්ට්‍රේලියාව තුල කොරෝනා එන්නත ලබාදීමේ පළමු අදියර සාර්ථක ලෙස ක්‍රියාත්මක කෙරේ.

වැඩිහිටි සත්කාරක පිරිස සඳහා එන්නත් ලබාදීමෙන් පසු දේශසීම නිලධාරීන් හට සහ ටස්මේනියානු ඉදිරි පෙළ නිලධාරීන් සඳහා කොරෝනා එන්නත් ලබාදීම අද සිදු කෙරේ.

කැන්බරා හි කොරෝනා එන්නත් ලබාදීමේ මධ්‍යස්ථානයක සිට ඊයේ අදහස් පළකරමින් ඕස්ට්‍රේලියානු ප්‍රධාන සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt සඳහන් කොට සිටියේ මේ වනවිට ඔස්ට්‍රේලියාව කොරෝනා වෛරසය සඳහා ප්‍රතිචාර දැක්වීමේ මීළඟ අදියරට පැමිණ ඇති බවයි.

කෙසේ නමුත් මෙම එන්නත මගින් වෛරසය සම්ප්‍රේෂණය වීම කෙතරම් දුරකට අඩු කරන්නේද යන්න පිළිබඳව තවමත් නොදන්නා හෙයින් සමාජ දුරස්ථ බව ආරක්ෂා කිරීම ඇතුලු සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ප්‍රධාන සෞඛ්‍ය අමාත්‍යවරයා ජනතාවට අවධාරණය කොට සිටී.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now