ඕස්ට්‍රේලියානු රජය මඟින් පාලනය වන සරණාගත කඳවුරු තුලදීම ඉංග්‍රීසි භාෂා පංති පැවැත්වීම තුලින් සරණාගත පිරිස්වල ඉංග්‍රීසි භාෂණ හැකියාව ඉහල නැංවීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට මධ්‍යම රජය සැරසෙයි. මේ තුලින් සරණාගත ජනයාට මෙරට රැකියාවක් සොයා ගැනීමේ කාර්ය වඩාත් පහසු වනු ඇතිබ රජයේ විශ්වාසයයි.
වැඩබලන ආගමන කටයුතු සහ ජනගහන අමාත්‍ය Alan Tudge පවසන්නේ ඉංග්‍රීසි කුසලතා නොමැතිකම නිසා ඉතා ඉහළ විරැකියා අනුපාතයක් ඇති වී ඇති බවයි.
මානුෂීය සරණාගත විසා (Humanitarian visa) ලාභීන්ගෙන් සියයට 60 ක් පමණ ඔවුන්ගේ දුර්වල ඉංග්‍රීසි කුසලතා හේතුවෙන් මෙරට තුලදී රැකියාවක් සොයා ගැනීම දුෂ්කර කාර්යයක් වී තිබේ.
මෙලෙස සරණාගත කඳවුරු තුලදීම ඉංග්‍රීසි භාෂා පන්ති පැවැත්වීම තුලින්, සරණාගත ජනයා , රැකියාවක් සොයාගත නොහැකි වීම මත දීර්ඝ කාලයක් මෙරට සුභ සාධන දීමනා මත රැඳී සිටීම අවම කරගත හැකිවනු ඇතැයි බලාපොරොත්තු වන බව වැඩබලන ආගමන කටයුතු සහ ජනගහන අමාත්‍ය Alan Tudge වැඩිදුරටත් පවසා සිටී.

