SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියානු රජයෙන් බැංකු වෙත බද්දක්...බරපැන බැංකු පාරිභෝගිකයා මත පැටවෙයිද ?

Bank levy
bank levy

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News



Skip to article content

මෙවර මධ්‍යම රජයේ අයවැයෙන් මෙරට ප්‍රධාන බැංකු මත පැනවීමට යෝජිත බැංකු බද්ද පාර්ලිමේන්තුවේදී සම්මතවෙයි. ඊයේ (19) පාර්ලිමේන්තුවේදී සම්මත වුනු මෙම බැංකු මත පැනවෙන බද්ද , ප්‍රධාන බැංකු ලෙසට සැලකෙන ANZ , Westpac ,NAB , commonwealth සහ මක්වායරි යන බැංකු මඟින් මෙම ජුලි මස 1 දා සිට අයකිරීම ආරම්භ කෙරෙනු ඇත.මෙම ප්‍රධාන බැංකු මඟින් සොයනු ලබන අධික ලාභාංශ සැලකිල්ලට ගෙන රජය විසින් මෙම යෝජනාව ගෙන එනු ලැබිණ. මෙම බද්ද මඟින් ඉදිරි වසර 4 තුලදී රජය විසින් අපේක්ෂිත බදු ආදායම ඩොලර් බිලියන 6 කට අධික බව වාර්තා වේ.

මෙය ඊයේ දිනයේදී (19) පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමේදී කම්කරු විපක්ෂයේ සහ ග්‍රීන්ස් පක්ෂයේද සහය රජයට ලැබිණ.

ග්‍රීන්ස් පක්ෂ නායක රිචඩ් ඩි නටාල් පවසනුයේ මෙරට පවතිනුයේ ලොවව වඩාත්ම ඉහල ලාභාංශ උපයන බැංකු පද්දතියක් බවයි.

එසේම මෙම බද්ද මඟින් අයකරන මුදල වක්‍රාකාරව බැංකු පාරිභෝගිකයා මත පැටවීමට ක්‍රියා නොකරන ලෙසට රජය විසින් ප්‍රධාන බැංකු වෙත තරයේ අවවදා කොට තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now