SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ අවම වැටුප ඉහළ දැමීමට ඔස්ට්‍රේලියානු විපක්ෂයෙන් Fair Work කොමිසමට යෝජනාවක්.

The federal opposition has joined the call for a higher minimum wage
Source: SBS

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාවේ වැටුප් පිළිබඳ සිදු කරනු ලබන Fair Work කොමිසමේ වාර්ෂික විමර්ශනය සඳහා අවම වැටුප ඉහළ නංවන ලෙස ඔස්ට්‍රේලියාවේ විපක්ෂය කොමිසම වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

සාධාරණ සහ ආර්ථික වශයෙන් වගකිව යුතු වැටුප් වර්ධනයකට තම පක්ෂය සහය දෙන නමුත් අවම වැටුප ඉහළ දැමීම හරහා penalty  දීමනා කප්පාදු කිරීමේ උත්සාහය වසා දැමීම සිදු නොකළ යුතු බව කම්කරු පක්ෂය පෙන්වා දෙයි.

මේ අතර අවම වැටුප ඉහළ නැංවීමට මධ්‍යම රජය විරෝධය පළ කරන බවද වාර්තා වේ. අඩු ආදායම් ලාභී සේවකයින් හට එය ඵලදායී නොවන බව රජය පවසයි.

ඉහළ ඵලදායීතාවක් නොලැබීම  සහ පාරිභෝගිකයින් හට ඉහළ මිලක් දැරීමට සිදුවීම හේතුවෙන් වැටුප් වර්ධනය පලක් නොවන බව රජයේ මතය වේ.

මේ වන විට ඔස්ට්‍රේලියාවේ පවතින සතියක අවම  වැටුප වන ඩොලර් 672 යි 20 සත 20, තවත් ඩොලර් 45 කින් ඉහළ නංවන ලෙස ඔස්ට්‍රේලියානු වෘත්තිය  සමිති කවුන්සිලයේ ලේකම් Sally McManus ඊයේ දිනයේදී ඉල්ලීමක් කළාය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now