SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ මීළඟ අය වැය අද පස්වරුවේ මධ්‍යම පාර්ලිමේන්තුවට.

Australia Budget 2017
Source: Australian Treasury

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය  Scott Morrison විසින් අද (09/05) පස්වරුවේ ඔස්ට්‍රේලියාවේ මීළඟ මුදල් වර්ෂය සඳහා නියමිත අය වැය ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

අය වැය පිළිබඳ පුරෝකතනයන්හි දී පැවසූ අයුරින් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහ විශ්ව විද්‍යාල සඳහා මෙන්ම සාමාජ ආරක්ෂණ ක්ෂේත්‍රයේ ද මුල්‍ය ප්‍රතිපාදන කප්පාදුවක් සිදු වන අතර සරණාගත අනුග්‍රහකත්වයන්ද වෙනස් වීමට නියමිතව ඇත.

මේ අතර ඔස්ට්‍රේලියානු මධ්‍යම පොලීසිය සඳහා ඩොලර් මිලියන 300 කට අධික මුල්‍ය ප්‍රතිපාදන මෙවර අය වැයෙන් වෙන් කිරීමට අපේක්ෂා කරන බව අගමැති මැල්කම් ටර්න්බුල් ඊයේ (08/05)දිනයේදී ප්‍රකාශ කළේය.

ත්‍රස්තවාදයට, මත්ද්‍රව්‍ය ජාවාරමට සහ මිනිස් ජාවමරමට එරෙහිව කටයුතු කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම පොලීසිය සඳහා නවීන තාක්ෂණය සහ විශේෂඥ දැනුම තිබිය යුතු බැවින් මෙලෙස විශාල මුදලක් වෙන් කිරීමට තීරණය කළ බව අගමැතිවරයා පෙන්වා දුන්නේය.

නමුත් ලිබරල් සන්ධානයේ ආර්ථික ප්‍රතිපත්ති වල බංකොලොත් බව මෙවර අය වැයෙන් ද පෙන්නුම් කරන බව කම්කරු පක්ෂයේ භාණ්ඩාගාර කටයුතු පිළිබඳ නියෝජිත  Chris Bowen, A-B-C පුවත් සේවයට පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now