වික්ටෝරියානු ප්‍රාන්තයේ lockdown නීති ලිහිල් කිරීමේ සැලසුමේ පළමු පියවර අදින් (14/09) ඇරඹේ

Melbourne lockdown

Victorian protective service officers are seen walking on patrol past a sign. Source: AP

වික්ටෝරියානු ප්‍රාන්තයේ lockdown නීති ලිහිල් කිරීමේ මාර්ගගත සැලසුමේ පළමු පියවර අද (14/09) ආරම්භ වේ.

ඒ අනුව අද සිට සැප්තැම්බර් 27 දා දක්වා මෙහි පළමු අදියර බලපැවැත්වේ.

පළමු අදියරේදී පනවා තිබූ ඇතැම් කොරෝනා නීති මදක් ලිහිල් කෙරේ.

අද සිට ඇඳිරි නීතිය ලිහිල් වන අතර එය රාත්‍රී 9 සිට පසුදා අලුයම 5 දක්වා ක්‍රියාත්මක වේ.

එමෙන්ම එළිමහන් ව්‍යායාම කිරීමේ කාලය දිනකට පැය දෙකක් දක්වා අද සිට වැඩි කර ඇඇති අතර එය උපරිම වාර දෙකකට සීමා කර තිබේ.

තනිකඩව ජීවත් වන පුද්ගලයින්ට තමන්ගේ සමීපතමයෙකු නිවසට ගෙන්වා ගැනීමට අද සිට අවසර ලැබේ.

මේ අතර වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වල වෙසෙන පුද්ගලයින්ට ක්‍රීඩා පිටි වලට සහ පොදු පිහිණුම් තටාක වෙත යාමට අද සිට අවසර හිමිවේ.

තම ප්‍රාන්ත රජයේ උපාය මාර්ග සැලසුම් කළ පරිදි ක්‍රියා කරන බවත් ඒ හරහා වික්ටෝරියානු වාසීන්ගේ බලාපොරොත්තු ඉටුවනු ඇති බවත් වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.


Share

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now