SKIP TO MAIN CONTENT

වාණිජ මට්ටමේ ජාත්‍යන්තර 20-20 තරගාවලියකට සහභාගී වන ප්‍රථම ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩිකාව මෙන්න.

Chamari Atapattu signs with Yorkshire for Kia Super League
Source: Getty Images

1 min read

Published

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

වාණිජ පදනම මත පැවැත්වෙන ජාත්‍යන්තර මට්ටමේ 20-20 කාන්තා තරගාවලියකට සහභාගී වන ප්‍රථම ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩිකාව වීමේ භාග්‍ය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ චමරි අතපත්තු හට හිමිවී තිබේ.

ඒ අනුව ඇය එළඹෙන අගෝස්තු මස 10 වන දින එංගලන්තයේදී ආරම්භ වන  20-20“කියා සුපර් ලීග්” තරගාවලියේ යෝක්ෂයර් ඩයමන්ඞ් කණ්ඩායම නියෝජනය කරනු ඇත.

යෝක්ෂයර් ඩයමන්ඩ් කණ්ඩායම නියෝජනය කිරීමට සිටි ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණියක වන බෙත් මූනී ආබාධයකට ලක්වීම හේතුවෙන් චමරි හට මේ අවස්තාව උදාවී ඇති බව වාර්තා වේ.

තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන චමරි අතපත්තු මේ වන විට ජාත්‍යන්තර එක් දින තර 66 ක් ක්‍රීඩා කර ඇති අතර ශතක තුනක් සහ අර්ධ ශතක 12ක් සමග ලකුණු 1986 ක් රැස් කරගෙන සිටියි.

ජාත්‍යන්තර 20-20 තරග 58 කට සහභාගී සිටින ඇය එක් අර්ධ ශතකයක් සමග ලකුණු 1001 ක් රැස්කිරීමට සමත්වී ඇත.

පසුගිය දා එංගලන්තයේදී පැවති කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවති තරගයේදී චමරි නොදැවී ලබාගත් ලකුණු 178 ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් ලෝක කුසලාන තරගයකදී ලබාගත් ප්‍රථම ශතකය ලෙසටද ඉතිහාසගත වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now