ඔස්ට්‍රේලියාවේ 45 වන පාර්ලිමේතුවේ මංගල සැසිය අද (SBS සිංහල /වාර්තා)

පසුගිය ජූලි 02වන දින පැවති ඔස්ට්‍රේලියානු මහා මැතිවරණයෙන් අනතුරුව තේරී පත්වූ මහජන නියෝජිතයන් සියලු දෙනා එක්ව පාර්ලිමේන්තුව පළමු වරට අද (30/08) රැස්වීමට නියමිතය. ඒ අනුව පහළ මන්ත්‍රණ සභාවේ නියෝජිතයන් 150 දෙනාද සෙනට් සභාවේ සභිකයන් 76 දෙනාද අද දිනයේදී පාර්ලිමේන්තුවට පිවිසෙනු ඇත.

Australian Parliament house

Australian Parliament house Source: Flickr

ඔස්ට්‍රේලියානු 45වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අද (30/08) පැවැත්වීමට නියමිතය්. ඒ අනුව 45වන පාර්ලිමේන්තුවේ පළමු සතියේ අපේක්ෂා කළ හැකි දේ පිළිබඳ කෙටි විස්තරයක් SBS සිංහල වැඩසටහන මෙසේ ගෙන එන්නෙමු.

45වන පාර්ලිමේන්තුව

  • පසුගිය ජූලි 02වන දින පැවති ඔස්ට්‍රේලියානු මහා මැතිවරණයෙන් අනතුරුව තේරී පත්වූ මහජන නියෝජිතයන් සියලු දෙනා එක්ව පාර්ලිමේන්තුව පළමු වරට අද (30/08)  රැස්වීමට නියමිතය. ඒ අනුව පහළ මන්ත්‍රණ සභාවේ නියෝජිතයන් 150 දෙනාද සෙනට් සභාවේ සභිකයන් 76 දෙනාද අද දිනයේදී පාර්ලිමේන්තුවට පිවිසෙනු ඇත.
  • ටර්න්බුල් රජය මෙවර පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ පහළ මන්ත්‍රණ සභාවේ එක් බහුතර ආසනයක් සහ සෙනට් සභාවේ නියමිත සීමාවට වඩා ආසන 9ක හිඟතාවකුත් සමගය.
  • ආණ්ඩුකාර ජනරාල් ශ්‍රීමත් Peter Cosgrove විසින් පස්වරු 3ට රජයේ න්‍යාය පත්‍රය පහළ මන්ත්‍රණ සභාවට සහ සෙනට් සභාවට ඉදිරිපත් කරනු ඇත.
  • පාර්ලිමේන්තුවේ සාමාන්‍ය වැඩකටයුතු බදාදා (31/08) ආරම්භ කෙරෙන අතර එහිදී ටර්න්බුල් රජය තම රජයේ පළමු පනත් කෙටුම්පත් කිහිපය පාර්ලිමේන්තුව හමුවේ තබනු ඇත.

න්‍යාය පත්‍රය

  • ඔස්ට්‍රේලියාවේ හදිසි සේවා සංවිධාන සහ ඒවාට අනියුක්ත ස්වේච්ඡා සේවකයන් හට අදාළ නීති කෙටුම් පත් පිළිබඳ සාකච්ඡා කිරීම.
  • මැතිවරණයට පෙරාතුව ටර්න්බුල් රජය පොරොන්දු වූ සමාගම් බදු කපාහැරීම පිළිබඳ සාකච්ඡා කිරීම.
  • පසුගිය මැයි මාසයේ ගෙන ආ අයවැයේ විවධ මිනුම් දඬු පිළිබඳ සාකච්ඡා කිරීම.
  • ඩොලර් බිලියන 6.5ක වියදම් ඉතිරියක් සිදු කිරීමට අපේක්ෂිත රජයේ පොදුසේවා පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ඡා කිරීම.
  • නවුරු දූපතේ සරණාගතයන් සහ නීති විරෝධී සංක්‍රමණිකයන් හට සිදුවූ අපයෝජන පිළිබඳ සෙනට් සභාව තුළ විමර්ශනයක යෙදිය යුතු යැයි රාජ්‍ය නොවන පාර්ශව වලින් එල්ල වූ පීඩනය හමුවේ ඒ පිළිබඳ සාකච්ඡා කිරීම.
  • Nick Xenophon, ග්‍රීන්ස් පක්ෂය සහ කම්කරු පක්ෂයේ ඉල්ලීම පරිදි සංගණන රාත්‍රියේ ඇතිවූ සිද්ධිය සහ එහි බලපෑම් පිළිබඳ සාකච්ඡා කිරීම.
  • ලිබරල් සෙනට් සභික Cory Bernardi සැලසු කර ඉදිරිපත් කිරීමට සැරසෙන වර්ගවාදී වෙනස්කම් පනත යටතේ hate-speech නීතිය පිළිබඳ සාකච්ඡා කිරීම.
Malcolm Turnbull & Bill Shorten
Malcolm Turnbull & Bill Shorten

ප්‍රධාන පක්ෂ දෙක සහ පළමු පාර්ලිමේන්තුව

ලිබරල් සන්ධාන රජය

පහළ මන්ත්‍රණ සභාවේ බහුතර එක් ආසනයක බලයක් සහ සෙනට් සභාවේ බහුතර බලයක් නොමැතිව වසර 3ක න්‍යාය පත්‍රයක් සකස් කිරීමට සිදුව තිබේ.

කම්කරු පක්ෂය

මහා මැතිවරණය නිමවී මාස දෙකක් ගතවන්නටත් පෙර සිටම  ටර්න්බුල් රජය ඇතැම් අවුල් සහගත තත්වයන්ට මුහුණ දීම සහ විපක්ෂය වශයෙන් ඒ පිළිබඳ අවධානයෙන් සිටීම.

කියන කතා

අගමැති මැල්කම් ටර්න්බුල්

45වන පාර්ලිමේන්තුව අවසානයේදී ආර්ථික වශයෙන් ඔස්ට්‍රේලියාවට ඇති අභියෝග වලට මුහුණ දීම සඳහා උචිත අය වැයක් සම්පාදනය කිරීම මගේ අවශ්‍යතාවයි.

විපක්ෂ නායක බිල් ශෝටන්

සහයෝගීතාව යනු දෙපසට ගමන් කළ හැකි මාර්ගයක් වැනිය. අයුතු බලපෑම් සිදු කර සහයෝගීතාව ලබාගත නොහැකිය. ඒ සඳහා සම්මුතියකට පැමිණිය යුතුය.  ඒ සඳහා දේශනා පැවැත්වීම් පසෙක තබා මිනිසුන් සමග එකට වැඩ කළ යුතුයි.

රාජ්‍ය කටයුතු පිළිබඳ ප්‍රධානී Christopher Pyne

විපක්ෂ නායකතුමා සැමවිටම නොවැදගත් දේශපාලනික කාරණා සමග එල්ලී සිටිනවා. නමුත් අගමැති ටර්න්බුල් සහ ඔහුගේ කණ්ඩායමට අවශ්‍ය ආර්ථිකය ගොඩනගන්න.

විපක්ෂ කටයුතු පිළිබඳ ප්‍රධානී Sam Dastyari

පෙනෙන විදියට මෙම රජය වසර 3ක් පවතීවි කියා විශ්වාස කිරීමට අපහසුයි. අඩුම තරමේ එය මාස 18 ඉක්මවුවහොත් එයද පුදුමයට කරුණක්. 


3 min read

Published

Updated

By Madhura Seneviratne

Source: AAP, SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now