SKIP TO MAIN CONTENT

කොරෝනාවෙන් පීඩාවට පත් ඔස්ට්‍රේලියානු ආර්ථිකය ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට ජාතික කැබිනට් මණ්ඩලය අද යළි රැස්වෙයි

national cabinet
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් ඔස්ට්‍රේලියානු ආර්ථිකය ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට අද (29/05) දිනයේ නැවතත් ජාතික කැබිනට් මණ්ඩලය රැස්වීමට නියමිතය.

ඉදිරියේදී ඔස්ට්‍රේලියාව තුළ රැකියා බිහිකිරීම වර්ධනය කිරීම, ආයෝජන වැඩි කිරීම හරහා ආර්ථික වර්ධනයක් ඇති කර ගැනීම පිළිබඳ එම රැස්වීමේදී මූලික වශයෙන් අවධානය යොමු කෙරෙනු ඇත.

ආර්ථික ප්‍රතිසංස්කරණ කිරීමේදී G-S-T අත්හිටුවීම ඇතුළු කුමන අන්දමේ බදු සංශෝධනයකට වුවද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විවෘත බව මේ සතිය මුලදී අගමැති ස්කොට් මොරිසන් පැවසුවේය.

කෙසේනමුත්, G-S-T ප්‍රතිසංස්කරණය කරනවානම් එය සංවාදයකට විවෘත කළ යුතු බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now