SKIP TO MAIN CONTENT

කොරෝනා වසංගතය හේතුවෙන් නොමිලේ ලබාදුන් ළමා සුරැකුම් සේවාව අවසන්

A small group of children play at the Robertson Street Kindy Childcare Centre in Helensburgh south of Sydney.
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

කොරෝනා වසංගතය හේතුවෙන්  ඔස්ට්‍රේලියානු පවුල් වලට ලබා දී තිබුණු නොමිලේ ළමා සුරැකුම් සේවාව ඊයේ දිනයෙන් (12/07) අවසන් විය.

ඒ අනුව අද සිට (13/07) නැවතත් ළමා සුරැකුම් සේවාවන් සඳහා මුදල් ගෙවීමට අදාළ දෙමාපියන්ට සිදුවේ.

කොරෝනා වසංගතය හේතුවෙන් ඇතිවුණු ආර්ථික අර්බුදය නිසා පසුගිය අප්‍රේල් මාසයේ පටන් ජූලි 12 වන දින දක්වා ළමා සුරැකුම් සේවාවන් නොමිලේ ලබා දීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පියවර ගත්තේය.

ළමා සුරැකුම් සේවා සඳහා සහය වීමට මධ්‍යම රජය ඩොලර් මිලියන 1.6 ක සැලැස්මක් ක්‍රියාත්මක කළ අතර වැඩිදුර උපකාර අවශ්‍ය දෙමාපියන්ට තවමත් මූල්‍ය සහන ලබා ගත හැකිය.

මෙල්බර්න් නුවර lockdown කර ඇති නිසා දෙමව්පියන් ළමා සුරැකුම් සේවා භාවිතා නොකරන්නේ නම්, ඔවුන්ගේ ළමා සුරැකුම් මධ්‍යස්ථානය අදාළ gap fee එක හෙවත් අතින් ගෙවිය යුතු ගාස්තුව නිදහස් කරනු ඇති බව මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍ය Dan Tehan, ABC පුවත් සේවයට පැවසීය.

එබැවින් ළමයින් නිවසේ තබා ගැනීම සම්බන්ධයෙන් අදාළ දෙමාපියන්ගෙන් ගාස්තුවක් අය නොකෙරෙන බව ද ඔහු පැවසුවේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now