ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික වැඩසටහන උඩු යටිකුරු වෙන ලකුණු. (SBS සිංහල/වාර්තා)

ප්‍රධාන වීසා අයදුම්කරුගේ සුදුසුකම් ඇගයීමට අමතරව ඔහුගේ හෝ ඇයගේ සහකරුවාගේ/සහකාරියගේ සහ වැඩිමහල් දරුවන්ගේ ඉංග්‍රීසී මට්ටම, සේවා නිපුණතා, වයස සහ අධ්‍යාපනය ද ඇගයීමකට ලක් කළ යුතු බව ඵලදායිතා කොමිසම් වාර්තාව යෝජනා කරයි.

Migration to Australia

Migration to Australia Source: Shutterstock

ලොව වටා සිටින දහස් ගණනක් සංක්‍රමණිකයන් ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණෙන්නට අයදුම් කරන නමුත් වසරකට ඒ සඳහා අනුමැතිය හිමි වන්නේ තෝරාගත් කණ්ඩායමකට පමණි.

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික පද්ධතිය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් පසුගිය සැප්තැම්බර් මාසයේදී ඵලදායිතා කොමිසම මගින් එළි දැක්වීය. ප්‍රධාන වශයෙන්  ඔස්ට්‍රේලියානු නිපුණතා සංක්‍රමණික වැඩසටහන නැවත සකස් කිරීමට සැලසුම් එහි අඩංගු විය.

ප්‍රධාන වීසා අයදුම්කරුගේ සුදුසුකම් ඇගයීමට අමතරව ඔහුගේ හෝ ඇයගේ සහකරුවාගේ/සහකාරියගේ සහ වැඩිමහල් දරුවන්ගේ ඉංග්‍රීසී මට්ටම, සේවා නිපුණතා, වයස සහ අධ්‍යාපනය ද ඇගයීමකට ලක් කළ යුතු බව ඵලදායිතා කොමිසම් වාර්තාව යෝජනා කරයි. මෙමගින් කුමණ අයදුම්කරුවන් සුදුසුද යන්න තීරණය කරනු ඇත.

ඵලදායිතා කොමිසම් වාර්තාවට අනුව ඔස්ට්‍රේලියානු නිපුණතා සංක්‍රමණික වැඩසටහන යටතේ අඩකට ආසන්න ප්‍රමාණයක් වීසා නිකුත් කරනු ලබන්නේ ද්විතීක අයදුම්කරුවන් හටය. මෙය සැලකිය යුතු ප්‍රමාණයක් බව එම වාර්තාව පෙන්වා දෙයි.

ඒ අනුව යැපෙන්නන් නොමැතිව ඔස්ට්‍රේලියානු නිපුණතා සංක්‍රමණික වැඩසටහන යටතේ අයදුම් කරන ප්‍රධාන අයදුම්කරුවන් හට උපරිම මට්ටමේ අතිරේක ලකුණු පිරිනැමීමට කොමිසම යෝජනා කර තිබේ.

ඵලදායිතා කොමිසම් වාර්තාවේ නිර්දේශ රජය සැලකිල්ලට ගෙන හැකි ඉක්මණින් ප්‍රතිචාර දක්වන්නට රජය සූදානමින් සිටින බව  ආගමන සහ දේශ සීමා ආරක්ෂණ දෙපාර්තමේන්තුව SBS ගුවන් විදුලියට පැවසීය.

Federation of Ethnic Communities’ Councils of Australia ආයතනය මෙම වාර්තාව පිළිගෙන ඇති නමුත් එහි ප්‍රතිපත්තිමය උපදෙස් වලට එකඟ වී නොමැත.

සහකරුවන් නොමැති අයදුම්කරුවන් උදෙසා උපරිම ලකුණු ලබාදීම මගින් පවුල් පද්ධතියක් නොමැති පුද්ගලයන් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට රජය උනන්දු කිරීමට සූදානම් වන බවත් එමගින් හුදකලා අත්දැකීමක් නිරන්තරයෙන්ම එක් කරන බවත් එම ආයතනය පෙන්වා දෙයි.
Skilled migration to Australia
The skilled migration stream is the largest in Australia's migrant intake, but almost half of those in it are secondary applicants (partners and children). Source: Productivity Commission report
තම පවුල සමග අලුත් රටකට සංක්‍රමණය වීමෙන් ප්‍රජාව අතර සම්බන්ධකම් ඇති කරගැනීම, පාළුව කාන්සිය නැතිවීම සහ සංස්කෘතික පුරුදු ඇතුළුව අදාල රටෙහි ස්ථාපනය වීමේ ක්‍රියාවලියට සහයක් සැපයෙන බව ද federation ආයතනය පැවසීය. මෙම නිර්දේශයන් ජීවිත වලට වෙනස්කම් කිරීමක් කරන නිර්දේශයන් බවත් සංක්‍රමනයේදී ලැබෙන පවුලේ සහයට විරුද්ධ වීමක් ලෙසද federation ආයතනය වැඩි දුරටත් පැවසීය.

නිපුණතා සංක්‍රමණිකයන්ගේ අනුග්‍රාහක සහ ස්වාධීන යන කොටස් දෙකටම අවම ඉංග්‍රීසී භාෂා මට්ටමක් හඳුන්වා දීමට මෙන්ම වයස් මට්ටම අවුරදු 50 ට වඩා අඩු කිරීම කොමිසම් වාර්තාවේ තවත් නිර්දේශ වේ.

කොමිසම් වාර්තාව සඳහන් කරන්නේ වයස යනු මෙහි ඇති කැපී පෙනෙන නිර්ණායකයක් බවයි. එමගින් ඔස්ට්‍රේලියාවේ ආර්ථිකයටද සෘජුව බලපාන බව එය පෙන්වා දෙයි.

මීට අමතරව නිපුණතා සංක්‍රමනික මාවත් අනුකූලනය (streamlined ) කළ යුතු බවද වාර්තාව යෝජනා කරයි. ඒ අනුව සේවායෝජක අනුග්‍රාහකත්වය යටතේ අයදුම් කරන  සහ ස්වාධීන අයදුම්කරුවන් එකම ඇගයීමකට ලක් කළ යුතු බව යෝජනා කර තිබේ.

වර්තමානයේ සේවායෝජක අනුග්‍රාහකත්වය යටතේ අයදුම් කරන  අයදුම්කරුවන් ඉතා පහළ මට්ටමක ඇගයීම් වලට මුහුණ දෙන බව සඳහන්.

සංක්‍රමණිකයන්ගේ ඉංග්‍රීසී භාෂා දැනුම පිළිබඳව ද Federation of Ethnic Communities’ Councils of Australia ආයතනය අවදානය යොමු කර තිබේ.

“සංක්‍රමණිකයන් ඔස්ට්‍රේලියාවට පැමිණීමේදීම ඉංග්‍රීසී දියුණු කරගත යුතු බව අපි නිර්දේශ කරනවා. නමුත් මෙම අවශ්‍යතාව පටු කිරීම ඔස්ට්‍රේලියාවට මහගු දායකත්වයක් සපයන ඇතැම් සංක්‍රමණිකයන් හට සිදු කරන වෙනස්කමක්ද වෙනවා.” Federation ආයතනය පැවසීය.

නිපුණතා සංක්‍රමණික වැඩසටහනදී පහළ වයස් සීමාවන්ට වැඩි අවස්තාවක් ලබාදීමට යෝජනා කිරීම පිළිබඳවද Federation ආයතනය විරුද්ධවී තිබේ.

වයස අවුරුදු 40 සිටින සංක්‍රමණිකයන්ගෙන් ඔස්ට්‍රේලියාවට් මහගු දාකත්වයක් ලබා ගත හැකි බවද එම ආයතනය පෙන්වා දෙයි.

මූලික වශයෙන් ඵලදායි කොමිසම් වාර්තාව රජයේ සහ සෙනට් සභික David Leyonhjelm  සමග ඇතිවූ ගණුදෙනුවක කොටසක් බවත් මුදල් පදනම් කරගනිමින් ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික වැඩසටහන ක්‍රියාත්මක කිරීමට රජය සොයා බලන බවත් වාර්තා වේ.

මේ කරුණු සම්බන්ධයෙන් වැඩිදුර  සාක්ෂි, වැඩිදුර දත්ත සහ වැඩිදුර ප්‍රජා සම්බන්ධකම් කොමිසම විසන් ඉල්ලා ඇති බවද වාර්තා වේ. 


Share

Published

Updated

By Madhura Seneviratne, Ben Winsor (Original)
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික වැඩසටහන උඩු යටිකුරු වෙන ලකුණු. (SBS සිංහල/වාර්තා) | SBS Sinhala