SKIP TO MAIN CONTENT

වාර්ෂික බදු හිමිකම් සැකසීමේදී සෑම ඔස්ට්‍රේලියානුවන් දස දෙනෙකුගෙන් එක් අයෙක්ම රිසිට්පත් නොමැතිව වියදම් පෙන්වන බව හෙළිවෙයි. (SBS සිංහල/වාර්තා)

ඔබගේ සියලු සේවා සම්බන්ධ වියදම් ඩොලර් 300 ඉක්මවා යයි නම් ඒ සඳහා ලිඛිත සාක්ෂි තිබිය යුතු බවට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය මහජනයාට දැනුම් දී තිබේ.

Annual Tax Return
Source: Shutterstock

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

වාර්ෂික බදු හිමිකම් සැකසීමේදී සෑම ඔස්ට්‍රේලියානුවන් දස දෙනෙකුගෙන් එක් අයෙක්ම රිසිට්පත් නොමැතිව වියදම් පෙන්වන බව හෙළිවෙයි. (SBS සිංහල/වාර්තා)

වාර්ෂික බදු හිමිකම් සැකසීමේදී සෑම ඔස්ට්‍රේලියානුවන් දස දෙනෙකුගෙන් එක් අයෙක්ම රිසිට්පත් නොමැතිව වියදම් හුවා දක්වා උපරිම බදු ප්‍රතිලාභයක් ලබා ගන්නා බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ නවතම විමර්ශන දත්ත පෙන්වා දෙයි.

නමුත් තවමත් බදු ගෙවන්නන්, වාර්ෂික බදු සැකසීමේදී වංචා ක්‍රියාවල නිරත වන බවට මෙරට ප්‍රමුඛ පෙළේ ආදායම් බදු විශේෂඥයකු වන ආචාර්ය Adrian Raftery තර්ක කරයි.

ඔස්ට්‍රේලියාවේ මිලියන 12ක් පමණ වූ බදු ගෙවන්නන්ගෙන් මිලියනයකට වඩා වැඩි ප්‍රමාණයක් අදාළ දේහලීය අගයේදී (threshold ) බදු ප්‍රතිලාභ ලබා ගන්නවා යනු (Tax Claims) ඩොලර් මිලියන ගණනක වියදම්, රිසිට් පත් නොමැතිව හුවා දක්වා ඔස්ට්‍රේලියානුවන් උපරිම බදු ප්‍රතිලාභ ලබා ගන්නා බවයි.

Deakin විශ්ව විද්‍යාලයේ ආචාර්ය Adrian Raftery ට අනුව බදු ප්‍රතිලාභ හිමිකම් කියන්නන් කණ්ඩායම් දෙකකට බෙදිය හැකිය.

“පළමු කණ්ඩායමේ අයට බදු සැකසීමේ ක්‍රියාවලියේදී පෙන්වීමට කිසිඳු වියදමක් නොමැති අතර ඔවුන් වියදම් නිර්මාණය කර සටහන් කරයි. ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයට හෝ බදු නීති වලට ඔවුන් බියක් නොදක්වයි. නීතිමය වශයෙන් තමන්ගේ හිමිකම් ඇතුළුව මෙම ක්‍රියාවලිය පිළිබඳ සෑම දෙයක්ම නොදන්නා ඉතා අලස පුද්ගලයන් දෙවන කණ්ඩායමට අයත් වෙයි.” ආචාර්ය Adrian Raftery පැවසීය.

බොහෝ බදු ගෙවන්නන් නියමිත අගයට වඩා අඩුවෙන් බදු හිම්කම් ලබා ගන්නා අතර ඇතැම් බදු ගෙවන්නන් තමන්ට හිමි ප්‍රමාණයටත් වඩා බදු හිම්කම් ලබා ගනියි.

මීට අමතරව, ජීවන වියදමට සමානව කාලනුරූපිව ඩොලර් 300 දේහලීය අගය වැඩි කිරීමට අසමත් වීම නිසා රිසිට් පත් නොමැති දේහලීය අගයට රජය පහසුකම් සැලසීමක් සිදු කරන බවද ඔහු පවසයි.

“ඩොලර් 300 යේ අගය පවතින්නේ කාලාන්තරයක පටන්. එය පාරිභෝගික මිල දර්ශකයට අනුව වෙනස් කර නැහැ. බොහෝ රජයේ රෙගුලාසි පාරිභෝගික මිල දර්ශකයට අනුව වෙනස් කර තිබෙනවා. නමුත් එසේ වෙනස් නොකළ එක් ක්ෂේත්‍රයක් වන්නේ සේවා සම්බන්ධ අඩු කිරීම්  (work-related deductions).”  ආචාර්ය Adrian Raftery වැඩි දුරටත් පැවසීය.

සෑම වසරකම ඔස්ට්‍රේලියානුවන්ගේ බදු ප්‍රතිලාභ හිම්කම් වලින් 2%ක දත්ත වලින් “නියැදි ලිපි ගොනුවක්” (sample file) සකස් කර ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය විසින් මුදා හරිනු ලබයි.

2013 – 2014 කාලය තුළ නිකුත් කළ දත්ත වලට අනුව 259,000 කින් යුක්ත සංචිතයෙන් 25,000ක් පමණ ඩොලර් 300 සීමාව සමීපයෙහි හිමිකම් ප්‍රතිලාභ හිමි කරගෙන තිබෙන බව දැක්වෙයි.

ඔබගේ සියලු සේවා සම්බන්ධ වියදම් ඩොලර් 300 ඉක්මවා යයි නම් ඒ සඳහා ලිඛිත සාක්ෂි තිබිය යුතු බවට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය මහජනයාට දැනුම් දී තිබේ.

මීට අමතරව තුනෙන් එකකට වඩා ප්‍රමාණයක් බදු ප්‍රතිලාභ හිමිකම් ලැබීමේදී වියදම් කිසිවක් නොපෙන්වන බවද වාර්තා වේ. 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now