SKIP TO MAIN CONTENT

නිවාස සඳහා මුදල් ප්‍රතිපාදන ලබා දුන් Home Builder වැඩසටහන තවත් තුන් මසකින් දීර්ඝ කිරීමට ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කරයි

COVID-19, home builder program, grants, renovation, home builder
Source: AAP

1 min read

Published

Updated

By Nipuna Dodangoda


Skip to article content

පසුගියදා ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය හඳුන්වා දුන් HomeBuilder වැඩසටහන අතිශය සාර්ථක වූ අතර එම වැඩසටහන 2021 වසරේ මාර්තු මාසය දක්වා දීර්ග කරන බව ඕස්ට්‍රේලියානු භාණ්ඩාගාරික Josh Frydenberg පවසයි.

මෙම වැඩසටහන ඔස්සේ, පළමු නිවාස ගැනුම්කරුවන් ඇතුලුව සුදුසුකම් ලත් පුද්ගලයින් හට නව නිවසක් තැනීමට හෝ පවතින නිවසක් සැලකිය යුතු ලෙස ප්‍රතිසංස්කරණය කිරීමට ඩොලර් 25,000 ක ප්‍රදානයක් හිමිවේ.

ඕස්ට්‍රේලියානු භාණ්ඩාගාරිකවරයා සඳහන් කරන්නේ මෙම වැඩසටහන දීර්ග කිරීම ඔස්සේ ලබන වසරේ මාර්තු මාසය වන විට තවත් නිවාස 15,000 ක් පමණ අනුමත වනු ඇති අතර ඩොලර් බිලියනයක් පමණ වන මෙම වැඩසටහන මගින් ඉදිකිරීම් ක්ෂේස්ත්‍රයට දැඩි සහායක් හිමි වන බවයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now