SKIP TO MAIN CONTENT

කොරෝනා වයිරසය රටේ සෑම පළාතකටම පැතිරී ඇති බව ඉරාන රජය තහවුරු කරයි

The Iranian government has confirmed the coronavirus has spread to every province in the country
Source: AAP

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

කොරෝනා වයිරසය රටේ සෑම පළාතකටම පැතිරී ඇති බව ඉරාන රජය තහවුරු කර තිබේ.

චීනයෙන් පිටත ලෝකයේ වඩාත්ම පීඩාවට පත් රටක් වන ඉරානයේ මේ වන විට කොරෝනා වෛරස රෝගීන් 3,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. එසේම පුද්ගලයින් 90 දෙනෙකු මියගොස් තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ චීනයෙන් පිටත කොරෝනා වෛරස් රෝගීන්ගෙන් සියයට 80 ක් පැමිණෙන්නේ දකුණු කොරියාව, ඉතාලිය හෝ ඉරානය යන රටවලින් බවයි.

වෛරසය හේතුවෙන් සවුදි අරාබිය විසින් මේ වසරේ මක්කම මුස්ලිම් වන්දනා ගමන් කිරීම තම රටෙහි පුරවැසියන්ට තහනම් කර තිබේ.

එමෙන්ම වෛරසය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඇමරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීන් හමුවී තිබේ.

එහෙත් ජර්මනියේ සෞඛ්‍ය ඇමති ජෙන්ස් ස්පාන් පවසා සිටිනුයේ වෛරසය තවමත් ඉහළ මට්ටමක නොමැති බවයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now